Nov 06, 2016

ලංකාවේ සෑම 6 දෙනකුගෙන් අයකුට නිදන්ගත රෝගයක් Featured

ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් හය දෙනකුගෙන් අයකුට කිසියම් නිදන්ගත රෝගී තත්ත්වයක් පැවතිය හැකි යැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන අලුත් ම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

නිදන්ගත රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ඉහළ අගයන් පෙන්නුම් කැරෙන බව ද ඉන් පසු පොලොන්නරුව හා කළුතර දිස්ත්‍රික්කයන් සිටින බවද ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සංඛ්‍යා ලේඛනඥ චන්ද්‍රාණි ජයවික්‍රම මහත්මිය පවසයි.

මේ නිදන්ගත රෝග ව්‍යාප්තිය වයස අවුරුදු 65ට වැඩි වයස්ගතවීමත් සමඟ ඉහළ අගයක් ගෙන ඇති බවත් අධ්‍යාපන මට්ටම හා ස්ත්‍රි පුරුෂ භාවය අනුව ප්‍රධාන නිදන්ගත රෝග තත්ත්වයන් පැවතීම සිදුවන බවත් ඇය සඳහන් කළාය.

ප්‍රධාන නිදන්ගත රෝගී තත්ත්වයන් බහුලව දක්නට ලැබෙන්නේ අවම අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයන්ට යැයි පැවසූ ඇය කෙටිකාලීන රෝගී තත්ත්වයන් අනුව වයස අවුරුදු 15ට අඩු දරුවන් හට වැඩිම ප්‍රතිශතයක් පෙන්නුම් කැරෙන බවද වැඩිම ප්‍රතිශතයක් වාර්තා වූ රෝග වූයේ උණ, කැස්ස, හිසේ කැක්කුම හා හන්දි වේදනාව බවද පැවසුවාය.

(සිළුමිණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top