nsb

Nov 06, 2016

ළමා අපරාධ වගකීමේ වයස් සීමාව සංශෝධනයට Featured

අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

දණ්ඩ නීති සංග්‍රහයේ දැනට තිබෙන වගන්ති වලට අනුව අවුරුදු 8 ට අඩු දරුවකු වරදක් කළ විට ඔහු වරදකරුවෙකු ලෙස නොපිළිගන්නා අතර, අවුරුදු 8 ත් 12 ත් වයසේ පසුවන්නකු යම් වරදක් කළොත් එම දරුවාගේ මානසික මට්ටම සලකා බලා වැරදිකරුවකුද නැද්ද යන්න තීරණය විය.

මනෝ විද්‍යාඥයන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ ඉල්ලීම මත මෙම අපරාධයක් දැරීමේ වයස් සීමාව සංශෝධනය කිරිමට තීරණය කර ඇත.


ළාබාල වයස් සීමාවන් :


ඒ අනුව අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වන අවුරුදු 8 ළාබාල වයස් සීමාවන් වන හෙයින් එය ඉදිරියේදි අවුරුදු 12 තෙක් සංශෝධනය වෙයි.

එසේම අවුරුදු 8 ත් 12ත් වයස් සිමාව අවුරුදු 12 ත් 14ත් ලෙස සංශෝධනය වෙයි.

දණ්ඩ නීති සංග්‍රහයේ වූ මේ සංශෝධන සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරිමටත් අනතුරුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වූ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

(සිළුමිණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top