Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 07, 2016

සම්බන්ධන්ගෙන් දකුණට සහතිකයක්

යළිත් වරක් උතුරේ කලබලකාරී තත්වයක් ඇති වෙතැයි දකුණේ ජනතාව බියක් ඇති කර ගත යුතු නැති බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.

එවැනි කලබලකාරී තත්වයක් ඇති වෙතැයි බියෙන් දකුණේ ජනතාව උතුරු පළාතට පැමිණීමෙන් වැළකී සිටින තත්වයක් දැකිය හැකි නමුත්, එය එසේ වියයුතු නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු ඒ බව කියා සිටියේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයින්ගෙන් සැදුම්ලත් දෙමළ ජනතා විමුක්ති පෙරමුණ නැමති දෙමළ දේශපාලන පක්ෂයේ නායක නඩේෂපිල්ලේ විද්‍යාදරන් මහතා විසින් ආරම්භ කරන ලද 'කාලෙයි කදිර්' නැමති පුවත්පත එළිදැක්වීම වෙනුවෙන් යාපනයේ පැවති උත්සවයක් අමතමිනි.

දෙමළ ජාතික සන්ධානය රට දෙකඩ කිරීමට උත්සාහ දරණ පක්ෂයක් නොවන බැවින් කවරෙකුත් සිය පක්ෂය සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top