15976 BM WEB BANNER 01
May 12, 2017

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නේ නෑ - ගෝඨාභය (හඬපටය)

තමා ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට තීරණය කර නොමැති බවත්, එබැවින් තමාට ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කර ගැනීමට අවශ්‍යතාවයක් නැතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

වසර 2020 ජනාධිපතිවරණ, ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අරමුණ ඇතිව සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවත්, එය ඉවත්කර ගැනීමට කල්යන බැවින් ඒ සඳහා දැන්මම ඒ මහතාට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දියණිය වන ඉවෙන්කා ට්‍රම්ප් මහත්මිය සමඟ කටයුතු කරමින් සිටින බවට වෙබ් අඩවි කිහිපයක පලව ඇති පුවත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ගෝඨාභය මහතා මේ බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් “මගේ පුතා, බිරිඳගේ මව හා සහෝදරයින් මේවන විට ජීවත්වන්නේ ඇමරිකාවෙ..ඒ කියන්නෙ මට නිතර නිතර ඇමරිකාවට යන්න ඕන…ඒ වගේම මම ප්‍රසිද්ධ දේශපාලනයට එන්න තවම කිසිම තීරණයක් අරං නෑ…ඒනිසා මට ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්න උවමනාවකුත් නෑ..” යනුවෙන් ද කීය.

ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට වසර කිහිපයක් බලාසිටිය යුතු බවට පලව ඇති පුවත් අසත්‍ය බවත්, ඒසේ පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අවශ්‍යම නම් ඒ සඳහා ඇමරිකානු තානාපති කාර්යාලයට ඉල්ලීමක් ගොනුකර සති දෙකතුනකින් එය ලබාගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

හඬපටයට පහතින් සවන් දෙන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top