nsb

Nov 07, 2016

කරු ජයසූරියගේ බාල දියණිය මරණ මංචකයේ සිට සැමියාට කී කතාව

කෙනෙක්‌ ජීවිතය දිනන්නේ කොහොමද? අප හිතන විදියට නම් ජීවිතය දිනනවා කියන්නේ සතුටින් ජීවත්වෙන එකයි. කෙනෙක්‌ මරණය දිනන්නේ කොහොමද? ජීවත් වුණා වගේම සතුටින් මිය යන්නත් කෙනකුට හැකි නම් ඒක මරණය ජයගැනීමක්‌ කියල හිතන්න බැරිද? මේක හරිම සංකීර්ණ තත්ත්වයක්‌ සරළ ලෙස අර්ථකථනය කිරීමක්‌. හැබැයි ඒකත් මතක තබා ගනිමු. ජීවිතය දිනීම වගේම මරණය දිනීමත් අප හිතන තරම් ලෙහෙසි නැහැ.

karu4ඉන්දිරා ජයසූරිය ජීවිතය වගේම මරණයත් ජය ගත් ගැහැනියක්‌. කථානායක කරු ජයසූරිය මහතාගේ බාල දියනිය වන තිස්‌ නව හැවිරිදි ඉන්දිරා ජීවත් වුණේ එංගලන්තයේ කෙන්ට්‌ ප්‍රදේශයේ බ්‍රොම්ලි කියන ගම්මානයේ. ලන්ඩනය නිර්මාණය වෙලා තිබෙන්නේ බ්‍රොම්ලි ඇතුළු තවත් ගම්මාන 32 ක එකතුවෙන්. ඉන්දිරාගේ සැමියාගේ නම මාටින් ඩිකර්. ඔහු ලන්ඩනයේ ළමා කටයුතු පදනමක මානව සම්පත් අධ්‍යක්‍ෂවරයා හැටියටයි වැඩ කළේ. ඉන්දිරා විවාහයට පෙර ලන්ඩනයේ ආයතනයක අලෙවි විධායකවරියක ලෙස වැඩ කර තිබුණත් විවාහ වූ සැනින් රැකියාවෙන් ඉවත් වුණා. ඒ ලංකාවේ පැරැණි සම්ප්‍රදායට අනුව තම සැමියා සහ දරුවන් වෙනුවෙන් කැප වෙන්නයි.

විවාහයෙන් ස්‌වල්ප කලකට පස්‌සේ, ඒ කියන්නේ 2007 දී ඉන්දිරාගේ දකුණ පියයුරේ කිසියම් ආකාරයක ගැටිත්තක්‌ හට ගන්නවා. මුලදී ඉන්දිරා මේ ගැටිත්ත ගණන් ගන්නේ නැහැ. ඒත් මාස දෙක තුනක්‌ තුළ මේ ගැටිත්ත විශාල වීමට පටන් ගැනීමත් එක්‌ක වෛද්‍යවරයකු හමුවී උපදෙස්‌ ගන්න ඉන්දිරාගේ සැමියා මාටින් තීරණය කරනවා.withdoc

ඒ අනුව මේයුවළ වෛද්‍යවරයකු හමුවෙනවා. පරීක්‍ෂණ ගණනාවකට පසු වෛද්‍යවරයා තීරණය කරන්නේ ඉන්දිරාට පියයුරු පිළිකාවක්‌ වැළඳී තිබෙන බවයි.

"දැන් මොකද කරන්නේ......?" බෙහෙවින් කළබල වූ මාටින් වෛද්‍යවරයාගෙන් ඇහුවා.

"අපි මේකට ප්‍රතිකාර පටන් ගනිමු. මුලදීම දැන ගන්න ලැබුණ එක ලොකු වාසියක්‌..... ඒ තමයි වෛදවරයාගේ උත්තරය.

ඉන්දිරා මුලින්ම හිතුවේ දොස්‌තරට වැරදිලා කියලයි. ඒත් ස්‌කෑන් පරීක්‍ෂණයකින් සහ බයෝප්සි පරීක්‍ෂණයකින් පස්‌සේ ඇයට පිළිගන්න සිද්ධ වුණා තමන්ගේ දකුණු පියයුරේ පිළිකාවක්‌ හට ගෙන තිබෙන බව. ''ඒ වෙද්දී මගේ වයස අවුරුදු 31 යි. මා ගත කරමින් සිටියේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌. මම ඉතාම පිරිසිදු ජීවිතයක්‌ ගත කළ කෙනෙක්‌. මම කෑවේ නිර්මාංශ ආහාර විතරයි. දක්‍ෂ පිහිණුම්කාරියක්‌ හැටියට මට සම්මාන ලැබිලත් තිබෙනවා. කෙන්ට්‌වල තිබෙනවා වාර්ෂිකව පැවැත්වෙන ධාවන තරගයක්‌. තරගයේ දුර කිලෝමීටර් 10 යි. හැම අවුරුද්දකම මා මේ රේස්‌ එකට සහභාගි වුණා.....'' යි පසුගිය දවසක එංගලන්තයේ ඵ්සක ධබකසබැ වෙබ් අඩවියට ඉන්දිරා පවසා තිබුණා.

ස්‌කෑන් පරීක්‍ෂණයකින් පස්‌සේ වෛද්‍යවරුන් තීරණය කර තිබුණා ඉන්දිරාගේ දකුණ පියයුර සැත්කමක්‌ මගින් ඉවත් කරන්න. ඊළඟට කිමෝ තෙරපි ලෙස සැළකන රසායනික ප්‍රතිකාර කිරීම නිර්දේශ කෙරුණා. මේ කොයික ඉවසන්නත් ඉන්දිරාට ආත්ම ශක්‌තියක්‌ තිබුණා. එහෙත් ඇයට ඉවසා ගන්න බැරි දෙයක්‌ වෛද්‍යවරයාගේ කටින් පිටවුණා. ඒ තමයි කිමෝ ප්‍රතිකාරවලින් පසු ඇයට කවදාවත් ගැබ්ගන්න බැරි බව.

එදා රෑ එළිවනතුරුම ඉන්දිරා වැලපුනා. කවදත් ඇගේ සිහිනය වුණේ සැමියෙක්‌ සහ දරුවන් සහිත පවුලක්‌. එදා මුළු රෑම මාටින් ඇය සමඟ නිදි වර්ජිතව ගත කළා. පසුවදා ඔවුන් තීරණයකට එළඹුණා. ඒ තමයි ෂබ ඩසඑරද Feරඑසකසඑහ ක්‍රමයට දරුවෙක්‌ හැදිය යුතු බව. මේ ක්‍රමය යටතේ කරන්නේ මවගේ ඩිම්බ සහ පියාගේ ශුක්‍රානු පිටතට ගෙන විද්‍යාගාරයක පර්යේෂණ නලයක්‌ තුළදී ඒවා සංසේචනය කර එසේත් නැත්නම් එකතු කර මවගේ ගර්භාෂයේ තැන්පත් කිරීමයි. මේ ක්‍රමය එක්‌සත් රාජධානියේ ධකාය්ප ඨැබ්ර්ක රෝහලේදී 1977 දී මුල් වරට අත්හදා බලන ලද අතර එහි ප්‍රතිඵලය වූ ලුවිස්‌ බ්‍රවුන් නමැති දැරිය 1978 ජූලි 25 වැනිදා උපත ලැබුවා. ඒ කාලයේදී මේ ක්‍රමවේදයට කිව්වේ නල දරු උපත් කියලයි. ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 15 සිට රුපියල් ලක්‍ෂ 30 දක්‌වා මුදලක්‌ අද වන විට මෙවැනි දරු උපතකට වැය වෙනවා.

අවසානයේදී වසර 2008 දවසක ඉන්දිරාගේ ගර්භාෂයෙන් ඩිම්බ 12 ක්‌ ඉවත් කර ගෙන විද්‍යාගාරයක ශීතකරණයක්‌ තුළ තැන්පත් කෙරුණා. ඊට පසු ඇගේ පියයුරේ සැත්කමක්‌ කර කිමෝ තෙරපි නමැති රසායනික ප්‍රතිකාරය පටන් ගත්තා. "කිමෝ තෙරපි නිසා මම හරියට දුක්‌ වින්දා. මගේ කෙස්‌ සියල්ල හැලුනා. ඊළඟට කියන්න බැරි තරම් දරුණු ආහාර අරුචියක්‌ ඇති වුණා. හැම විටම ඔක්‌කාරය ආවා. සිදුවිය යුතුව තිබුණේ මා මිය යැමයි. එහෙත් මවක වීමේ බලවත් වුවමනාව නිසා මා තුළ ඉමහත් ආත්ම ධෛර්යයක්‌ ඇති වුණා. ඒ ධෛර්යය සහ මගේ සැමියාගේ ආදරය විසින් මා ජීවත් කෙරුණා......." යි ඉන්දිරා ඵ්සක ධබකසබැ වෙබ් අඩවියට කියා තිබුණා.

ප්‍රතිකාර මාලාවකින් පසු ඉන්දිරා නැවතත් සුවය ලබනවා. වසර 2011 වන විට ඇගේ ගර්භාෂය ගැබ් ගැනීමකට තවදුරටත් සුදුසු නැතත් වෙනත් තැනක ගැබ් ගන්වන ලද දරු කලලය වර්ධනය වීමට තරම් සුදුසු තත්ත්වයකට පත්ව තිබුණා. එබැවින් වසර 2008 දී ඇගෙන් ලබාගෙන අධිශීතකරණයේ තැම්පත් තිබූ ඩිම්බ පිටතට අරගත් වෛද්‍ය කණ්‌ඩායමක්‌ මාටින්ගේ ශුක්‍රානු සමඟ පර්යේෂණ නළයක්‌ තුළදී ඒවා එකතු කර දරු කලලයක්‌ සාදා ඇගේ ගර්භාෂයේ තැන්පත් කළා.

දරු ගැබ කෙමෙන් වර්ධනය වූහ. වසර 2012 ජුලි මාසයේදී ඉන්දිරා ඉතාම නිරෝගී දියණියක්‌ ප්‍රසූත කළා. ඇය ඒ දියණියට ඉතාම අර්ථවත් නමක්‌ තැබුවා. ඒ නම තමයි තිළිණි. තිළිණි ඉන්දිරාට සහ මාටින්ට ලැබුණු තෑග්ගක්‌. සමහර විට එය මේ ලෝකයේ වටිනාම තෑග්ග වෙන්නත් පුළුවන්.

දැන් ඔක්‌කොම හරි. ඉන්දිරාටත් හොඳටම සනීපයි. තිළිණි මැණිකක්‌ වගේ ඔවුන්ගේ පවුල වර්ණවත් කළා. මේ අතර තවත් දරුවෙක්‌ හදමු යයි මාටින් ඉන්දිරාට යෝජනා කළා

නැවතත් ඔවුන් ෂඪF ක්‍රමවේදයට යොමු වුණා. ඉන්දිරාගේ ඩිම්බ සහ මාටින්ගේ ශුක්‍රාණු නැවත වතාවක්‌ පරීක්‍ෂණ නලයක්‌ තුළදී සංයෝග කර ඉන් හටගත් කලලය ඉන්දිරාගේ ගර්භාෂය තුළ තැන්පත් කිරීමසිදු කෙරුණා.

දරුගැබට මාස 6 ක්‌ වෙද්දී නොසිතූ දෙයක්‌ සිදු වුණා. ඉන්දිරාගේ උදරය මහත් සේ වේදනා දෙන්නට පටන් ගත්තා. ඇයට දිගින් දිගටම වමනය ගියා. ඒ අනුව ඇය රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ප්‍රතිකාර ලබා සුව වී ඇය පැමිණියත්, තවත් මාසයකට පසු නැවත්ත ඇය රෝගී වූණා. නැවත වරක්‌ ඇය රෝහලට ගියා. එහිදී ලැබුණේ නරක ආංරංචියක්‌. ඇයට නැවතත් පියයුරු පිළිකාව වැළඳිලා. එය ඇගේ අක්‌මාව දක්‌වා පැතිර ගිහින්.

"බඩට මාස 7ක්‌ නිසා සීසර් කරලා දරුවාව ගනිමු...." වෛද්‍යවරු ඉන්දිරාට යෝජනා කළා.

ඒත් ඉන්දිරා එයට විරුද්ධ වුණා. දරුවා හැකි තරම් කල් තම ගැබ තුළ වැඩී මෙලොව එළිය දැකීමයි ඇගේ ප්‍රාර්ථනය වුණේ.

"ඒත් එහෙම කරන්න ගියොත් ඔබ ඉක්‌මනින්ම මියයාවි.. සීසර් සැත්කමකින් දරුවා එළියට අරගෙන කිමෝ ප්‍රතිකාර පටන් ගනිමු. නැතිනම් තව අවුරුදු දෙක තුනකින් වෙන්න තිබෙන ඔබේ මරණය ඉක්‌මන් වෙනවා." වෛද්‍යවරු ඇයට පැහැදිලි කර දුන්නා.

"මම මැරෙන්න ලෑස්‌තියි. ඉන්දිරා කිසිදු චකිතයක්‌ නැතිව උත්තර දුන්නා. මගේ බඩේ හිටපු තරමට දරුවා වර්ධනය වෙනවා. එතකොට එයා සෞඛ්‍ය සම්පන්නයි. එහෙමනැතිව නොමේරු දැවෙක්‌ ප්‍රසූත කළාම එයාට සදාකාලිකව බෙහෙත් එක්‌ක ඉන්න වෙනවා."

ඉන්දිරාගේ මතයට විරුද්ධ වෙන්න කාටවත් බැහැ. ඇගේ ගැබ තුළ ඉන්න දරුවාගේ අම්මා ඇයයි.

පිළිකාව ඉන්දිරාගේ අක්‌මාව විනාශ කරද්දී කිසිම ඖෂධයක්‌ නොගෙන අධික වේදනාව ඉවසාගෙන ඉන්දිරා තවත් මාස දෙකක්‌ දරුගැබ සමඟ ජීවත් වුණා. නිසි කාලය පැමිණි විට සිසේරියන් සැත්කමක්‌ මගින් දරුවා බිහිවුණා. එයා කොල්ලෙක්‌. මාටින්ගේ අභිමතය පරිදි දරුවාට ඩිලාන් කිsයන නම තැබුණා.

දැන් මේ කතාව ඉවරයි. ඒ පසුගිය සතියේදී ඉන්දිරා මියගිය නිසයි. මිය යන්න කලින් ඉන්දිරා ඇගේ ආදරණීය සැමියාට මෙහෙම කියා තිබෙනවා. ''ඔයා තව පාරක්‌ බඳින්න මම විරුද්ධ නැහැ. ඒත් ඔයාටයි මේ දරුවන්ටයි මා තරමටම ආදරය කරන කෙනෙක්‌ව බඳින්න...''

සංඛනාද වෙදගෙවත්ත

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top