Nov 07, 2016

ඉදිරි දශකයේ රාජ්‍ය සේවයේ 90%ක් කාන්තාවෝ ! Featured

ශ්‍රී ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රය තුළ  බහුතරය කාන්තාවන් වීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය සේවය තුළ ප්‍රධාන නිලතල බොහෝ ප්‍රමාණයක් කාන්තාවන් විසින් දැරීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී තිබීම මෙයට හේතුවයි.  

මේ ගැටලුවලට හේතුව ලෙස සඳහන් වන්නේ කාන්තාවන් තීරණ ගැනීමට දක්වන පසුගාමී ස්වභාවයයි.

මෙම පසුගාමී ස්වභාවයට හේතුව ලෙස සමාජ විද්‍යාඥයන් සඳහන් කරන්නේ කාන්තාවන් තුළ පවතින නොදියුණු ආකල්ප බවයි.

ඒ හරහා නොබියව තීරණ ගැනීමට ඔවුන් මැළිකමක් දැක්වීම හරහා පරිපාලන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව පැවසේ.


සරසවිවල බහුතරය සිසුවියන් :


ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලබන බහුතරය ශිෂ්‍යාවන් වීම සහ ඔවුන් උසස් අධ්‍යාපනයෙන් පසුව රාජ්‍ය  සේවය තෝරා ගැනීම මේ සඳහා ප්‍රබල ලෙස බලපා  තිබේ.

ඊට අමතරව කාන්තාවන් නියුතු විය යුතු රැකියා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මතවාදය ද මේ සඳහා බලපා ඇත.

පසුගිය දා කාන්තා දින උත්සවයකට සහභාගී වෙමින් කම්කරු  හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා පැවසුවේ රාජ්‍ය  සේවයේ 40% ක්‌ සහ  රාජ්‍ය සේවයේ 60%ක් කාන්තාවන් සේවයේ නියුතුව ඇති බවයි.

ඊට අමතරව පසුගිය සමයේ රාජ්‍ය කළමනාකරණ සේවයට බඳවාගත් 15,000 ක පිරිසගෙන් 75%ක්‌ සහ ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත්  5,000න්  70% ක්‌ කාන්තාවන් වූ බව ඒ මහතා සඳහන් කර තිබුණි.


90%ක් ම කාන්තාවන් :


මේ අතර අමාත්‍ය චම්පික රණවක මහතා මේ සම්බන්ධයෙන් පවසන්නෙ, මේ තත්ත්වය දිගටම පැවතියහොත් ඉදිරි දශකය තුළ රාජ්‍ය සේවයේ නියුතු වූවන්ගෙන් 90%ක් ම කාන්තාවන් විය හැකි බවයි.

(සිතාරා කුලරත්න)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top