nsb

Nov 07, 2016

චීන තානාපති විදේශ අමාත්‍යාංශයට කැඳවයි ?

 ශ්‍රී ලංකාවේ නව රජයේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් කනස්සල්ල පල කරමින් පසුගියදා මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ලියෑන්ලන් මහතා විදේශ කටයුතු අමාතාංශයට කැඳවා, ඒ සම්බන්ධයෙන් රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් ශ්‍රී ලංකා රජයේ කනස්සල්ල ප්‍රකාශ කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවේ.

ඉන්දීය සංචාරයකට එක්ව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා නැවතත් ලංකාවට පැමිණි පසු මෙම සතියේදී  චීන නාතාපතිවරයා කැඳවීමට නියමිත බව එම වාර්තා සඳහන් කරයි.

නොවැම්බර් 01දා චීන තානාපති කාර්යාලයේ පැවැති වැඩසටහනකදී චීන හා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් පිරිසක් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් චීන තානාපතිවරයා, ශ්‍රී ලංකා රජයේ  ඇතැම් කරුණු සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළේය.

 චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක් විවේචනය කරමින්,  ණය පිරිවැය වැඩිනම් තවදුරටත් චීනයෙන් ණය ඉල්ලන්නේ මන්දැයි චීන තානාපතිවරයා එහිදී රජයෙන් විමසා සිටියේය.

චීන තානාපතිවරයා එසේ සඳහන් කළ කරුණු පිළිබඳ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ද පසුගිය (03) දා මහනුවරදී විවේචනාත්මකව කරුණු දැක්විය.

තමන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමති විනා චීනයේ මුදල් ඇමති නොවන බව චීන තානාපති යී ෂියැංලියන්ග් මහතාට සිහිපත් කල යුතු යයි මුදල් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

කෙසේවුවද තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ, මුදල් ඇමති රවී කරුණානායක මහතා විසින් චීනයට එරෙහිව නගනු ලැබූ එක්තරා චෝදනාවකට එරෙහිව මෙරට සිටින ශ්‍රී ලංකා තානාපති යි ශියන්ලියන් මහතා පසුගියදා සිදුකල වාග් ප්‍රහාරය, චීන රජයේ ප්‍රධානීන්ගේ අනුදැනුම මත ඉතාම මැනවින් සංවිධානය කළ කටයුත්තක් බවයි.


සබැඳි පුවත් :

'මම ලංකාවේ මුදල් ඇමති - චීනයේ මුදල් ඇමති නොවෙයි' -රවී

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top