nsb

Nov 07, 2016

පළාත් මන්ත්‍රී අනුරාධට විනය පරීක්ෂණයක් Featured

එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදීම එම පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතාට පළාත් සභා මන්ත‍්‍රීවරුගෙන් දැඩි විරෝධයක් එල්ලවීමේ සිද්ධිය මාධ්‍යට හෙළි කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අනුරාධ විමලරත්න මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භකිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

මේ විනය පරීක්ෂණය සිදු කෙරෙන්නේ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නියෝගය මතය.

එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගෙන් එම පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතාට සිරිකොත මුලස්ථානයේදී දැඩි විරෝධයක් එල්ල කෙරුණේ පසුගිය බ‍්‍රහස්පතින්දා (03)ය.

එහිදී පළාත් සභා මන්ත‍්‍රීවරුන් දැඩි චෝදනා එල්ලකළද කියා සිටියේ කබීර් හෂීම් මහතා තරම් දුර්වල මහ ලේකම්වරයෙකු එක්සත් ජාතක පක්ෂ ඉතිහාසයේවත් නොසිටි බවය.

එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට පමණක් නොව රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ට පවා මහ ලේකම්වරයාව දුරකථනයෙන්වත් සම්බන්ධ කරගත නොහැකි අතර ඔහු හමුවීමට පවා නොහැකි බවටද එම පළාත් සභා මන්ත‍්‍රීවරුන් චෝදනා එල්ල කර තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයට කවදාවත් ජයග‍්‍රණය කළ නොහැකි අතර අනාගතයක්ද නොමැති බව කියමින් කාළයක් කබීර් හෂීම් මහතා පක්ෂය අත හැරගොස් විදේශගතව සිටි ආකාරයද රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව සජිත් පේ‍්‍රමදාස මහතා කරළියට ගෙන එන්න කි‍්‍රයාකළ ආකාරයද සම්බන්ධයෙන් පළාත්සභා මන්ත‍්‍රීවරුන් ඔහු හමුවී සිහිපත්කර තිබේ.

සුජිත් මංගල ද සිල්වා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top