15976 BM WEB BANNER 01
May 17, 2017

අර්ජුන පෙන්නූ රවීගේ සීල්නැති ලියුම මෙන්න

මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් මහ බැංකු අධිපතිවරයාට යොමුකළ ලිපියක්‌ බව කියමින් මුදල් ඇමැතිවරයාගේ අත්සන සහිත දාතමක්‌ නොමැති ලිපියක්‌ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතා විසින් කොමිසමට ඉදිරිපත් කිරීම ගැන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ (16 දා) කොමිසමේ දැඩි අවධානය යොමු කළේය.

අදාළ ලිපිය මේවන විට අපවෙත ලැබී තිබේ. එම ලිපිය පහත දැක්වේ.

Arjunaletter

දිනයක්‌ රහිත ලිපිය මහ බැංකු අධිපතිවරයා වෙත මුදල් ඇමැතිවරයා විසින් යොමු කළ එකක්‌ බව කීවත් එහි යොමු කළ මහ බැංකු අධිපතිවරයාගේ නම සඳහන් කර නොතිබීම ගැන ද කොමිසමේ අවධානයට ලක්‌ව ඇත.

දිනයක්‌ නැති ලිපියක්‌ ඇමැතිවරයකුගේ අත්සනක්‌ සහිතව ඉදිරිපත් කර තිබෙන නිසා එම ලේඛනයේ විශ්වාසනීයත්වය ගැන තමා ප්‍රශ්න කරන බව අදාළ ලිපිය සම්බන්ධයෙන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රශ්න කර තිබේ.

මුදල් ඇමැතිවරයාගේ අත්සනින් යොමු කළ දාතම රහිත ලිපිය ඉදිරිපත් කරමින් නීතිඥ චානක ද සිල්වා මහතා විසින් බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ නැගී සිටිමින් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මේ බව පවසා තිබිණි.

මුදල් ඇමැතිවරයාගේ අත්සන සහිතව දාතම නොමැතිව ඉදිරිපත් කළ ලිපියේ විශ්වාසනීයභාවය නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා විසින් ප්‍රශ්න කළ නිසා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා ලිවේරා මහතා දෙසට හැරෙමින් 'ඔබ කියන්නේ මා බොරුවක්‌ කරනවා කියලද' යැයි එහිදී විමසා ඇත.

ඊට පිළිතුරු ලෙස ලිවේරා මහතා දිනයක්‌ නොමැතිව ඉදිරිපත් කර ඇති ලිපියක්‌ නිසා එහි පසුබිම දැනගත යුතුව ඇති බවයි.

නීතිඥ චානක ද සිල්වා මහතා - අවශ්‍ය නම් මුදල් ඇමැතිවරයා කැඳවා එය තහවුරු කළ හැකියැයිද පවසා ඇත.

එහිදී මෙවැනි සංවාදයක්ද ඇතිවූ බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සී. ජයවර්ධන මහතා (සාමාජික) - ඔබ ඒ වෙනුවෙන් අයදුම්පතක්‌ ඉදිරිපත් කරනවාද?

නීතිඥ චානක ද සිල්වා මහතා - නැහැ මම මේ අවස්‌ථාවේදී අයදුම්පතක්‌ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ නෑ.

අදාළ ලිපිය සම්බන්ධයෙන් කොමිසම හමුවේ කතාබහ මුලින්ම මතුවූයේ එම ලිපියේ දිනයක්‌ නොමැති බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ලිපිය අතට ගෙන ප්‍රකාශ කළ අවස්‌ථාවේදීය.

ඒ අවස්‌ථාවේ අසුන්ගෙන සිටි ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ නීතිඥයාගෙන් හිමිහිට ඇසුවේ 'ඔය ලියුම ඊයේ රෑද ගත්තේ' කියාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top