May 18, 2017

'වරාය විකුනන්න දෙන්නේ නැ' -සභාපති ආණ්ඩුව පතුරු ගසයි (වීඩියෝ) Featured

රණතුංගලා සිටින තෙක් වාරයේ ඉඩම් විදේශිකයින්ට විකිනීමට ඉඩනොදෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා අවධාරණය කර සිටියි.

වරාය විෂය බාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ වැඩිමල් සොයුරු ධම්මික රණතුංග මහතා එබව කියා සිටියේ, 'සිරස' රුපවාහිනියේ 'නිව්ස් ෆස්ට්' විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.

එම වැඩසටහනට එක්වූ සභාපතිවරයා, රජයේ අනුමැතියකින් තොරව ඊයේ (17) විදේශගතව ඇත. ඔහු ඒ සඳහා නිල වශයෙන් නිවාඩු ලබාගෙන නොමැති බවත්, එන දිනයක් දැනුම්දී නැති බවත් වරාය අධිකාරියේ ආරංචිමාර්ග පවසයි.

ඒ අතර ධම්මික රණතුංග මහතා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් 'නිව්ස් ෆස්ට්' වැඩසටහනේ දී සිදුකල ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඇමතිවරුන් කිහිපදෙනෙකුම ඊයේ (17) අගමැතිවරයා දැනුවත්කර ඇති අතර, අර්ජුන රණතුංග මහතා වරාය අමාත්‍ය ධුරයෙන් ඉවත්කරන ලෙස ද ඉල්ලා තිබේ.

ආණ්ඩුව පතුරු ගසයි :

'නිව්ස් ෆස්ට්' වැඩසටහනේ දී වරාය සම්බන්ධ රජයේ ස්ථාවරය දැඩිව විවේචනය කල සභාපතිවරයා, තවදුරටත් බලපෑමක් අවොත් සභාපතිකම අතහැර යනබව අවධාරණය කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.

හම්බන්තොට වරාය සතු ඉඩම් අවුරුදු 200කට චීන සමාගමකට දෙන්න ආණ්ඩුවේ සුදානමක් තිබුනා. ඒ සම්බන්ධයෙන් වරාය ඇමතිතුමා හෝ සභාපති ලෙස මාව හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හෝ දැනුවත් කර තිබුනේ නැහැ. අපේ විරෝධය නිසා දැන් ඉඩම් විකුණන වගන්ති යම් තරමකට සංශෝධනය කර තියනවා..

මේ විදියට ඉඩම් ටික චීනයට විකුණන ගිවිසුම සකසලා තිබුනේ ඉහලම රජයේ නිලධාරීන් තිදෙනෙක්.. රටට අහිතකර ගිවිසුම් වලට අපි කිසිඳු ලෙසකින් එකඟවෙන්නේ නැහැ.

වරාය අධිකාරියේ පනත උල්ලංඝනය කරලා ඉඩම් විකුනන්න රණතුංගලා ඉන්නතුරු ඉඩදෙන්නේ නැහැ.. රණතුංග සහෝදරවරු ඒවගේ ජනතා ද්‍රෝහී කටයුතුවලට එකඟ වෙන්නේ නැහැ.. තනතුරු වලට ලෝබකමින් රටට අහිතකර ගිවිසුම් වලට එකඟ වෙන්නේ නැහැ. තවදුරටත් එහෙම බලපෑමක් අවොත් සභාපති කම දමලා ගහලා ගෙදර යනවා ..''

 

'අවම සුදුසුකමක් වත් නැහැ '

වරාය සභාපතිවරයාගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ආණ්ඩුවට කීමට ඇත්තේ කුමක්දැයි 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ආණ්ඩුවේ ප්‍රකාශකයකු පැවසුයේ, මොහුට වරාය සභාපති වැනි රජයේ වගකිවයුතු තනතුරක් දැරීමට අවශ්‍ය මුලික අධ්‍යාපන සුදුසුකම් නොමැතිබව මේවනවිට තහවුරුවී ඇති බවයි.

පාර්ලිමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මාසයේ දී පත් කළ උසස් නිලතල පිළිබඳ සොයා බැලීමේ අනුකාරක සභාව වසරකට පසු සිය රාජකාරී ආරම්භ කර ඇති බවත්, වරාය සභාපතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ එම කමිටුව සැහීමකට පත්ව නොමැති බවත් එම ඇමතිවරයා පැවසිය.

එවැනි තත්වයක් තුල ඔහුව තනතුරින් ඉවත් කිරීමට ඇති අවධානම නිසා, 'වීරයකු වී' ඉල්ලා අස්වීම සඳහා මෙවැනි ප්‍රකාශ කරන්නේ දැයි සාධාරණ සැකයක් මතුවන බව එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් :
වරාය සභාපති විසි වෙන්න පෙර නැගිටියි 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top