May 18, 2017

''මෛත්‍රීට එරෙහි 'කැරැල්ල' රනිල්ගේ වැඩක්''

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් ගහනවා කියන කැරැල්ල එම පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නාට්‍යය පිටපතකට අනුව සිදුවන්නක් බව දකුණු පළාත් සභා මන්ත්‍රි බද්දේගම සමිත හිමියන් පවසති.

ඊයේ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.

''රනිල් කටවහගෙන ඉන්න කිව්වාම කට වහන් අකුළගෙන ඉන්න එජාපයේ පසු පෙළ කැරැලි ගහනවා කියන එකම රටට විහිළුවක්. මේ හදන්නේ කැබිනට් සංශෝධනයට පෙර ජනපති මෛත්‍රිව බය කරගන්න. ජනපති මෛත්‍රිට දැන් තේරෙනවා ඇති කර ගනිපු මෝඩකම.

'යා දෙක නොරත රථ' ආණ්ඩුවක්:

''යා දෙක නොරත රථ' ආණ්ඩුවක් මේක. මේක ගැළපෙන්නේ නෑ. අපි දන්නවානේ එජාපයේ පසු පෙළ ගැන. දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න එජාපයේ පසු පෙළ අද කතා කරනවා කැරැලි ගහන්න. මොන විහිළුද මේ. එදා වගේම මේ අය අද කරන්නෙත් රනිල් කියන එක. රනිල් වයින් කළාම මේ පසුපෙළ අය කෑගහනවා, කැරකෙනවා, උඩ පනිනවා, මේක තමයි නාට්‍යය.

අපිට මේ කැබිනට් සංශෝධනය කළත් එකයි නැතත් එකයි. අපි මේ ආණ්ඩුව පෙරළන්න කටයුතු කරනවා. අපිට මේ ජනාධිපතිවරයා ගැන දුකයි. එතුමා අණ්ඩුවෙන් ගියේ දූෂණය, භීෂණය, කුඩු වැඩියි කියලා. අද කොහොමද? අහෝ මෛත්‍රි නොදුටු මොක්පුර.

අහෝ මෛත්‍රි නොදුටු මොක්පුර :

අද රට කෙලොම්බියාව වගේ. පවුල පිටින් එළියට බහින්න බෑ. වෙඩි තියෙනවා, කුඩු මුදලාලිලා පොලිසියට වෙඩි තියෙනවා. තැන තැන මිනිස්සු මරනවා. රටේ ආරක්ෂාව බින්දුවට බැහැලා. එදා හිටපු අගමැතිතුමාට කිව්වේ කුඩු ගැන. අද තත්ත්වය දූෂණය, භීෂණය ඉහවහා ගිහිල්ලා.

දැන් ජනාධිපතිවරයා හිතනවා නම් ඔහු ඒවාට විරුද්ධයි කියලා. එදා ගත්තා වගේ තීන්දුවක් ගන්න දැන් හොඳටම කාරණා තියෙනවා.''

සබැඳි පුවත් :

''මෛත්‍රි හිටියෙ නැත්නම් එජාපය තාමත් විපක්ෂයේ''


එජාප පසුපෙලින් ජනපතිට එරෙහි කැරැල්ලක් !


කැබිනට් සංශෝධනයට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top