15976 BM WEB BANNER 01
May 18, 2017

මාතර, මත්තල අධිවේගී මඟේ උපදේශක කොම්පැණියේ මගඩිය Featured

මාතර මත්තල, දකුණු අධිවේගී මාර්ගයේ දිගුවෙහි උපදේශන සේවා සැපයුම්කරුවන (consultancy service provider) FSDI සමාගමේ උපදේශන කාලය අවසන්වීමට ආසන්න වුවද ඔවුන්ගේ ගිවිසුමට අනුව මෙතෙක් අයෝජකයෙක් සොයාගැනීමට අපොහොසත්ව ඇති බව වාර්තා වේ.

එම සමාගම හා ගිවිසුමට අනුව ඔවුන්ගේ උපදේශන සේවා ගාස්තුව ඔවුන් විසින් උපයාගතයුතුවන්නේ ඒ සඳහා ආයෝජකයකු සොයාදීම මඟිනි.

ඔවුන් අදාළ, ව්‍යාපෘතියේ උපදේශන සේවා වෙනුවෙන් රුපියල් බිලියන 12ක ගාස්තුවක් ඉදිරිපත් කර තිබේ.

FSDI සමාගම ආයෝජකයකු සොයාදීමට අපොහොසත්ව ඇතුවා මෙන්ම ඔවුන් උපදේශ සේවා සැපයීමට ලබාදී ඇති පිරිස්ද සුදුස්සන් නොවන බව වාර්තා වේ. ඇතැමුන්ට හරිහමන් වීසා හෝ නොමැති බවද පැවසේ.

මගඩිය පිටුපස RDA නිලධාරින් සහ දෙශපලන අධිකාරිය

මේ මගඩි පිටුපස මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවකු වන ආර්.එම්. ගාමිණී නැමැත්තා සිටින අතර ඔහු පසුගිය රජය සමයේ සිටම විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අයෙකි.

කෙසේවුවද, ඒ සඳහා වර්තමාන දේශපාලන අධිකාරියේ පාස්කරලිංගම් කමිටුවේ සහයද ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ හේතුව නිසා අදාළ උපදේශන සේවයන් සඳහා සම්බන්ධ කරගනු ලබන අය නොයෙක් ආකාරයේ වීසා මත එම සේවාවන් වල යෙදෙන බවත්, ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සොයා නොබලන බවත් පැවසේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සචාරය අතරතුර මේවන විට අදාළ ගිවිසුම් නීත්‍යානුකූල මට්ටමක නොපවතින බැවින් ඒවා නීත්‍යානුකූල කර ගැනීමට සැලැසුම්කර තිබූ බවටද රාවයක් පවතී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top