15976 BM WEB BANNER 01
May 18, 2017

දයාසිරි චීන කෑම කද්දී අවන්හලේ වහලෙ ගැලවිලා ! Featured

කොළඹ තුරඟ තරගපිටියේ ඇති අවන්හල් සංකීර්ණයේ වහලයෙන් කොටසක් අද (17) බිම ඇදවැටී තිබේ.

සුළං සමඟ ඇදහැළුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙහි කොටසක් කැඩීගොස් ඇති බව පැවසේ.

රුපියල් මිලියන 450ක් වැය කරමින් හිටපු ආරක්ෂක අමාත්‍ය ගොඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම සාප්පු සංකීර්ණය නිර්මාණය විය.

මෙසේ වහලේ කොටසක් ගැලවී යන අවස්ථාවේ එම සංකිර්ණයේ පිහිටි TSINGTAO චීන අවන්හලේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජපන් තානාපතිවරයා සමඟ දිවා ආහාරය ගනිමින් සිට ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

වහලය ගැලවීයාමෙන් පසුව, ක්‍රීඩා අමාත්‍යවරයා හා ජපන් තානාපතිවරයාව ආරක්ෂිතව ක්‍රීඩා අමාත්‍යංශය වෙත රැගෙනඒමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශවිසින් පියවරගෙන තිබේ.

සාප්පු ඇරියේ 2013

මේ සාප්පු සංකිර්ණය විවෘත කරනු ලැබුවේ වසර 2013 දෙසැම්බර් මාසයේදීය.

යටත් විජිත සමයේ විනෝදාස්වාදය සඳහා මේ පිටියේ තුරඟ තරග පැවැත්වීම වර්ෂ 1800 දී පමණ ආරම්භ විය. “සිලෝන් ටර්ෆ්” ක්ලබ් නමින් ආරම්භ කෙරුණු තුරඟ තරග පිටිය නිල වශයෙන් තුරඟ තරග සඳහා විවෘත වූයේ වර්ෂ 1893 ජුනි 23 දා ය. එකල ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි වූ එය පසුව දෙවැනි ලෝක යුද සමයේ තාවකාලිකව රාජකීය ගුවන් හමුදා භාරයට ගැනිණි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිය හෙලිකොප්ටර් යානා ගොඩ බැස්සවීම හා නවතා තැබීම සඳහා මෙම තුරඟ තරගපිටිය භාවිතා කරන ලද අතර පසුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ද තාවකාලික ආරක්ෂක ස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිත කරන ලදි. එසේම මෙහි සමහර ගොඩනැගිලි පසුකාලීනව කොළඹ විශ්ව විද්‍යාලය විසින්ද භාවිතයට ගැණින.

ඉන්පසුව අත්හැර දමා තිබූ මෙම ගොඩනැගිලිවල වරින්වර විවිධ රාජ්‍ය උත්සව පවත්වන ලදී. කාලයාගේ අවෑමෙන් කොළඹ කුරුදුවත්තේ අක්කර 27 භූමිභාගයක් පුරා විහිදී තිබු මෙම ගොඩනැගිලි සහිත තුරඟ තරග පිටිය අඩ සියවසක පමණ කාලයක් පුරා ගරාවැටුණු ගොඩනැගිලි සහිත නගරය අවලක්ෂණ කරන තාප්පයකින්ද වටවු භූමිභාගයක් ලෙස පැවතින.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top