15976 BM WEB BANNER 01
May 18, 2017

මහින්ද මෝදිගේ ආරාධනය පිළිගනියි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවේ සංචාරයකට එක්වෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා නුදුරේදීම ඉන්දියාවේ සංචාරයකට එක්වෙනු ඇත.

පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ අතර එහිදී මෙම ආරාධනාව කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා හා නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති හමුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්විය.

(අද)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top