May 19, 2017

නැකත් ප්‍රශ්නයක් ! - කැබිනට් සංශෝධනයක් 'අද -හෙට' නැහැ !! Featured

අද (19) දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවෙතැයි අපේක්ෂා කලද අද (19) හෝ හෙට (20) කිසිඳු ලෙසකින් එවැන්නක් සිදු නොවන බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී අවධාරණයෙන් යුතුව පැවසිය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා පුර්ණ එකඟත්වයකට පැමිණ ඇතත් ඔවුන් දෙදෙනාට හිතවත් ජෝතිෂ්‍යයවේදිනියකගේ උපදෙස් මත එය ලබන සතියට කල්දමා ඇත.

කෙසේවුවද ජනාධිපතිවරයාගේ ඕස්ට්‍රේලියා නිල සංචාරයට පෙර, එම ජෝතිෂ්‍යයවේදිනිය ලබාදී ඇති සුබ නැකතින් අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනිවාර්යයෙන් සිදුකෙරෙනු ඇතැයි ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ඕස්ට්‍රේලියා රජයෙන් ලද ඇරයුමකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන 23දා නිල චාරිකාවක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

අගමැති අද යාපනයේ :

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් කල විමසීමකදී අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුයේ, එවැන්නක් පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

උත්සව කිහිපයකට සහභාගි වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (19 ) මන්නාරම සහ යාපනය බලා පිටත්ව යැමට නියමිත බව ඔහු කියා සිටියේය.

අගමැතිවරයා අද පෙරවරුවේදී මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය විවෘත කරන අතර සවස යාපනයට ගොස්‌ යාපනයේ මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් හමුවීමට නියමිතය.

මෙම හමුව යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top