Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
May 19, 2017

ප්‍රේමයෙන් තොර ජීවිතයක් නෑ' - වික්ටර් Featured

ප්‍රේමයෙන් තොර ජීවිතයක් නොමැති බව පවසන ප්‍රවීණ සංගීත ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක, වියපත් වූ පමණින් ඒ අවශ්‍යතාවය වෙනස් නොවන බව අවධාරණය කරයි.

සංගීත ප්‍රසංගයකට සහභාගි වීම පිණිස ලන්ඩන් නුවරට ගොස් සිටින ඔහු ඒ බව සඳහන් කළේ බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය සමග සජීවී සංවාදයකට සහභාගි වෙමිනි.

"බොහෝ දෙනාට මේක වටහා ගැනීමේ ශක්තිය අඩු ද මම දන්නේ නෑ, වයස්ගත වීමේදී ප්‍රේමයේ අරුත තවත් අරුත් බරව දැනෙනවා," ඔහු පැවසීය.

සිය දෙවැනි විවාහය පිළිබඳව ආචාර්ය වික්ටර් රත්නායක මාධ්‍ය වෙත අදහස් දැක්වූ පළමු වතාව මෙයයි.

"ඒ වගේම ප්‍රේමය, ආදරය, සෙනෙහස, කරුණාව, දයාව මේ සියලු දේ බලාපොරොත්තු වෙන්නෙත් මම හිතන්නේ වියපත් වීමේදී," ඔහු පැවසීය.

'තාරුණ්‍යය ගැන දුකයි'

අනුකරණවාදී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් සංගීත ක්ෂේත්‍රය තුළ නවක පරපුර හැසිරෙන අකාරය පිළිබඳව දැඩි කනගාටුවක් දැනෙන බවත් ප්‍රවීණ සංගීත ශිල්පියා සඳහන් කළේය.

තමන් එදා ගුවන් විදුලියේ කටහඬ පරීක්ෂණයේදී තමන්ගේම තනුවක් ගායනා කළ නමුත් නවක පරපුරේ බොහෝ ගායක, ගායිකාවන් නව නිර්මාණවලට යොමු නොවීම ඔහුගේ දැඩි විවේචනයට ලක් විය.

"අනුන්ගේ ගීතයක් ගයන තුරාවට ඔහුට ශිල්පියෙක් වෙන්න බැහැ. ඔහු ආධුනිකයෙක් පමණයි."


(බීබීසී සිංහල සේවය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top