May 19, 2017

එජාප පසුපෙළ උසිගැන්වූ ඇමතිවරුන් දෙදෙනා ?

ඉදිරියේදී සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු උසි ගැන්වූ අමාත්‍යවරුන් දෙදෙනෙකු පිළිබඳව බුද්ධි අංශ වාර්තාවක්  ජනාධිපතිවරයා වෙත ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

ජනාධිපතිවරයා ඒ පිළිබඳව සිය කනස්සල්ල එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි ද එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය.

බුද්ධි තොරතුරුවලට අනුව මෙසේ එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙදෙනෙකු උසි ගන්වා ඇත්තේ, ඉදිරියේදී තමන් දරන අමාත්‍යංශ අහිමි වේයැයි බියකින් පසුවන දුෂණ චෝදනා එල්ලවූ ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකි.

එම ඇමතිවරුන් දෙදෙනා ගෙන් වාහන, කොන්ත්‍රාත්, විදෙස් චාරිකා, පත්වීම් ආදී විශේෂ වරප්‍රසාද හා වරදාන ලබාගත් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පසුගියදා ජනාධිපතිවරයාට එරෙහිව මාධ්‍ය සංදර්ශන පැවැත්විය.

මේ රටේ හොරකම් කළ අය:

එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් මේ ආරක්ෂා කරන්නේ මේ රටේ හොරකම් කළ අය බව ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී
ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ මහතා පැවසිය.

මෙසේ රටේ සම්පත් හොරකම් කල සමහර ඇමතිවරුන් මේවනවිට තම ප්‍රතිරූපය ඔසවා ගැනීම සඳහා මාධ්‍ය ආයතන ආරම්බ කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් :

කැබිනට් සංශෝධනය නැවැත්වීමට ජ්‍යෙෂ්ඨ ඇමති මන්ත්‍රීලා පෙළගස්වයි (ඡායා)

එජාප පසුපෙලින් ජනපතිට එරෙහි කැරැල්ලක් !

කැබිනට් සංශෝධනයට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top