15976 BM WEB BANNER 01
May 19, 2017

බඩ ඉරිඟු බීජ වංචාවක්: චන්ද්‍රසේන ගෙන් FCID ප්‍රශ්න කරයි

රාජපක්ෂ පාලන සමයේ ඇමැතිවරයකුව සිටියදී, බඩ ඉරිඟු බීජ බෙදාහැරීමේදී සිදුකලා යැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙන් පැය හයකට ආසන්න කාලයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID)  ඊයේ (18දා) ප්‍රශ්න කර ඇත.

එස්. එම්. චන්ද්‍රසේන මහතා ඊයේ පෙරවරු 9.45ට පමණ එම කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ තිබිණි.

මේ විමර්ශනයට අදාළව ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

මොහු ඇමතිවරයකු සිටි වකවානුවේ සිදුකල බරපතල වංචා හා දුෂණ සම්බන්ධයෙන් තවත් පැමිනිල් රාශියක්  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේදී ප්‍රශ්න කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top