May 19, 2017

පලෙයි වෙඩි තැබීමෙන් පසු සෝදිසි මෙහෙයුම් (වීඩියෝ)

රාජකාරි නිමා කර නවාතැන් බලා යමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් ගත් වාහනයක් ඉලක්ක කරගනිමින් ඊයේ (18) මධ්‍යම රාත්‍රී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පලෙයි ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය සහ යුද හමුදාව යොදවා කච්චාවේලි ප්‍රදේශයේ 19 සිකුරාදා ආරක්ෂක රැකවල් තර කිරීම නිසා නිවෙස් වලින් පිටතට පැමිණීමට සහ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.

බ්‍රහස්පතින්දා රාත්‍රී 11.30 ට පමණ සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැති අතර එම අවස්ථාවේ ජීප් රථය තුල පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල් වරුන් දෙදෙනෙකු සිටි බවත් පොලිසිය පවසයි.


(මූලාශ්‍රය -radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top