nsb

May 19, 2017

ධම්මිකගේ අවුල ලිහන්න මුතුහෙට්ටිගම නිවුස් ලයින් එකට !

පසුගියදා නිවුස් ලයින් රූපවාහිනී වැඩසටහනේදී වරායේ සභාපති ධම්මික කරණතුංග මහතා ආණ්ඩුව විවේචනය කරමින් සිදුකළ අවුල ලිහා ගැනීමට වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මීළඟ නිවුස් ලයින් වැඩසටහනට එක්කර ගැනීමට සැලැසුමක් ඇතැයි වාර්තා වේ.

මුතුහෙට්ටිගම මහතා අදාළ වැඩසටනේදී මුහුණදිය යුතු ආකාර සම්බන්ධයෙන් මේවන විට වරාය නියෝජ්‍ය සභාපතිවරයා අමාත්‍යවරයාගේ කාර්යාල කාමරයට ගොස් පංති පවත්වමින් සිටින බවද වාර්තා වේ.

මේ අවුල් වියවුල් තත්ත්වය නිසා නියෝජ්‍ය අමාත්‍යවරයාද දැඩි ලෙස නොසන්සුන්ව ඇතැයි පැවසේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිය මිතුරෙකු සමඟ පවසා ඇත්තේ අයිය මලෝ කොටුපනින, බුල් කෙළින වැඩ ශේප් කිරීමට යාමෙන් තමාද පචවන බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top