15976 BM WEB BANNER 01
May 20, 2017

ශ්‍රීලනිපය ව්‍යවස්ථා යෝජනාව මඟහරියි! Featured

නව ව්‍යවස්ථාව වෙනුවෙන් ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව සකස් කර ඇති දළ කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අදහස් මැයි 23 වැනි අඟහරුවාදාට පෙර ලබාදිය යුතුව තිබුණත් ශ්‍රීලනිපය ඊට පෙර සිය අදහස් ලබා නොදෙනු ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රීලනිපය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පක්ෂයේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කර  තිබූ අතර සුසිල් ප්‍රේම්ජයන්ත, ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුලූ ඇමැතිවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත අදාළ කමිටුවේ සාමාජිකයන්ට කෙටුම්පත් පිටපත් ලබාදී ඇතත් 23 වැනිදාට පෙර එම කමිටුවේ සාමාජිකයන් රැස්වීමට මැයි 18 දා තෙක් දිනයක් යොදාගෙන නොතිබුණු බව වාර්තා වෙයි.

'රටේ මූලික ප්‍රශ්නය නොවේ'

කමිටුවේ සාමාජිකුගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ වන විට රටේ මූලික ප්‍රශ්නය ව්‍යවස්ථාව නොවන බවත් සියල්ලන් බලාගෙන සිටින්නේ ආර්ථික අර්බුදය දෙස බවත්ය.

මේ මොහොතේ ව්‍යවස්ථාව ගැන සාකච්ඡුා කිරීම ජනතා අප්‍රසාදයට ලක් වු ආණ්ඩුව තවත් අප්‍රසාදයට ලක් කිරීමක් බවත් ඔහු පැවසීය.

මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට ඉදිරිපත් වුවහොත් ආණ්ඩුව එය පරාජය වනු ඇති බවත් ඔහු කීය.

එම අමාත්‍යාවරයා පැවසුවේ මැයි 23 වනදාට පෙර ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රීලනිප කමිටුව රැස්වී තීරණයක් ගැනීමට උත්සාහ කරන බවත්, මැයි 23දාම අදාළ යෝජනා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නොවන බවත්ය.

එජාපයෙන් විරෝධයක් නැහැ :

නව ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව මැයි 23 වනදා රැස්වීමට නියමිත අතර ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව නියෝජනය කරන අනෙක් පක්ෂ වන එජාපය අදාළ කෙටුම්පතට විරෝධතා ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානයද කෙටුම්පතට එකඟවීමේ වැඩි ඉඩක් ඇතැයි වාර්තාවෙයි.

මැයි මාසය අවසානයේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙහෙයුම් කමිටුව බලාපොරොත්තුවෙන් සිටියි.

(රාවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top