nsb

May 20, 2017

කැබිනට් සංශෝධනය - මැති ඇමැතිලාගේ කට වසයි !

ඉදිරියේදී සිදුවෙතැයි කියන කැබිනට්‌ ඇමැති සංශෝධනය පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස්‌ ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් මැති ඇමැතිවරුන්ට නියෝග කර ඇත.

ජනමාධ්‍යවලට හෝ ප්‍රසිද්ධ වේදිකාවලදී කැබිනට්‌ සංශෝධනය පිළිබඳ අදහස්‌ නොදක්‌වා ඒ සම්බන්ධව නිහඬව සිටින්නැයි ද උපදෙස්‌ ලබා දී තිබේ.

ඒ අනුව කැබිනට්‌ සංශෝධනය සම්බන්ධව කිසිදු අදහසක්‌ මේ දිනවල නොදක්‌වන බව එක්‌සත් ජාතික පක්‌ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.

අධීක්ෂණ මන්ත්‍රී තග දමයි !!

කෙසේවුවද,  එක්සත් ජාතික පක්‍ෂ ගාළු දිස්ත්‍රීක් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ගාල්ලේදී පැවති ජනහමුවක් අමතමින් පැවසුයේ, ලෝකයේ හොදම මුදල් ඇමති ලෙස සම්මාන දිනා ඇති රවි කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ඒකාබද්දය හා ජවිපෙ දරන උත්සාහයට කිසිඳු ලෙසකින් ඉඩ නොදෙන බවයි.

මුදල් ඇමති ධුරයේ කටයුතු ඉතා හොදින් කල නිසා ඔහුට ලෝකයේ හොදම මුදල් ඇමති තනතුර ලැබුණු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් එහිදී පැවසිය.

සබැඳි පුවත් :

කැබිනට් සංශෝධනය නැවැත්වීමට ජ්‍යෙෂ්ඨ ඇමති මන්ත්‍රීලා පෙළගස්වයි (ඡායා)

එජාප පසුපෙලින් ජනපතිට එරෙහි කැරැල්ලක් !

කැබිනට් සංශෝධනයට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top