Nov 08, 2016

සෞදියේදී මියගිය කත ගැන පරීක්ෂණයක් Featured

සෞදි අරාබියේ ඔලෙයියා කාන්තා සුබසාධන රැඳවුම් මධ්‍යස්ථානයේදී සුබ‍්‍රමනියම් පලනියණ්ඩි කට්පගවල්ලි නමැති ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක් මියයාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ පිළිබදව සෞදියේ තානාපති කාර්යාලය මගින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කර සිටියි.

මෙම කාන්තාව ගෘහ සේවය සඳහා සෞදි අරාබියට පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 8 වෙනිදා වන අතර ඉකුත් නොවැම්බර් පළමු වෙනිදා සුබසාධන මධ්‍යස්ථානයේදී ඇය මියගිය බව සෞදි තානාපති කාර්යාලය වාර්තා කර තිබේ. ඇය කඳවුරට පැමිණෙන විට මානසික ව්‍යාකූල තත්ත්වයක් සඳහා ප‍්‍රතිකාර ලබමින් සිටි බව ද අනාවරණ වී ඇත.

මියගිය අදාළ කාන්තාවගේ මෘත දේහය මේ වන විට එරට රෝහලක තැන්පත් කර ඇති අතර එය කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කර සිටියි

එරට ශ්‍රී ලංකා තානාපති අසීම් තාසිම් මහතා සඳහන් කර ඇත්තේ අදාළ මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කළ හැකි බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top