nsb

Nov 08, 2016

වැඩතහනම් පොලිස් පරීක්ෂකට ස්ථානධිපතිකමක් දීලා Featured

වැඩතහනමකට ලක්ව සිටි පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථානාධිපතිකමක් ලබාදීමේ හාස්‍යජනක පුවතක් පොලිසියෙන් වාර්තා වේ.

මෙසේ ස්ථානාධිපතිකමක් ලබාදී ඇත්තේ රත්නපුර පොලිසියේ සේවය කරමින් සිටියදී දැව ජාවාරම්කරුවෙකුට ආරක්ෂාව සැපයු බවට වන චෝදනාවක් මත වැඩතහනමකට ලක්වූ බී.ඩබ්ලිව්. පෙරේරා නැමැති නිලධාරියෙකි.

පසුගිය 5 වැනිදා පෙරවරුවේ ඔහු පැල්මඩුල්ල පොලිස් මුරපළේ ස්ථානාධිපති ලෙස පත් කර ඇති බව සදහන් කරමින් පොලිස් මුලස්ථානයෙන් රත්නපුර පොලිසියට පණිවුඩයක් ලබාදී ඇත.

පොලිස් මුලස්ථානයේ පිරිස් පාලන අංශය විසින් මෙය සිදුකර ඇතැයි වාර්තා වේ.

අදාළ පණිවුඩයෙන් පසුව රත්නපුර පොලිසිය මුලස්ථානයට දන්වා ඇත්තේ එම නිළධාරියා වැඩතහනමකට ලක්ව ඇති බවයි.

පසුව එම පත් කිරිම එදින සවස පොලිස් පණිවිඩයක් ලබා දෙමින් යළි අවලංගු කළ බව වාර්තා වේ.

සියලු පොලිස් නිළධාරින්ගේ පෞද්ගලික ලිපිගොනු පොලිස් මුලස්ථානයේ පිරිස් පාලන අංශයේ ඇති අතර එම ලිපිගනුවල සියලූම දත්ත තිබියදී වැඩතහනම් වු නිළධාරියෙකුට උසස්වීමක් ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක ඇමතිවරයාගේ අවධානය යොමුව ඇති බව මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top