nsb

Nov 08, 2016

රජය අපහසුතාවට පත් කරන කුමන්ත්‍රණයක් !

යුද්ධයේදී ආබාධිත හමුදා සාමාජිකයන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කොට තිබියදීත් සඳුදා (07) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ හා ඒ අසළ ඇති වූ කළ කළහකාරී තත්ත්වය සැලසුම් සහගතව රජය අපහසුතාවයට පත් කිරීමටත්, හමුදා සාමාජිකයන් හා රජය අතර බරපතල බෙදීමක් සිදුකිරීමටත් කළ කුමන්ත්‍රණයක් බව රජය කියයි.

ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ මෙම සමාජිකයන් මෙයෙවූයේ කවුදැයි ඔවුන්වත් නොදන්නා බවයි.

මෙම ඉල්ලීම් ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති මීට මාස හතරකට පෙර අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එහි තීන්දුව භාණ්ඩාගාරයට යවා අවශ්‍ය කටයුතු සිදු වෙමින් පැවතුන බවත් එම නිවේදනයේ සඳහන්ය.

දීර්ඝ කාලයක සිට රජයට විරුද්ධ දේශපාලන සංවිධානවල කටයුතු කරන භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු හා පිටස්තර පිරිසකගේ මැදිහත්වීම මත ඇති කළ මෙම කළහකාරී සිදුවීම දේශපාලන අවශ්‍යතාවයක් බව ඉතා පැහැදිලි බව ද, මෙම කළහකාරී හැසිරීම සිදුකෙරුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ බලවේගයේ නියෝජිතයන් පස් දෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටිය දී බවත් ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.

මෙම සේවා විශ්‍රාම වැටුප වසර 12 කට අඩු කාලයක් සේවයේ නියුතු ආබාධිත රණවිරුවන් වෙත ලබාදීම සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂිත ව්‍යවස්ථා සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි වුවත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම සියලූ නීති රෙගුලාසී සංශෝධනය කරමින් සේවා විශ්‍රාම වැටුප මෙම පිරිසට ද ලබාදීමට තීරණය කර තිබුණු බව ද ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

‘‘ජනධිපති කර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් උද්ඝෝෂණය කළ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය තුළ විදෙස් නියෝජිතයින් පිරිසක් විශේෂ සාකච්ඡාවක ද නිරතව සිටි අතර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් කරමින් කාර්යාල පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුල්වීමට කළ උත්සාහය පාලනය කිරීමට කටයුතු කරන ලදී. ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට දැනට ලබාදෙන වැටුප් හා දීමනා, දුබලතා දීමනාවට අමතරව අපේක්ෂිත සේවා විශ්‍රාම වැටුප ගෙවනු ලබන බවට ආරක්ෂක අමාත්‍යාංශය 2016 නොවැම්බර් මස 06 වන දින විශේෂ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණි.‘‘

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top