nsb

Nov 09, 2016

''මම හිටියනම් මෙහෙමවත් කරන්න ඉඩදෙන්නේ නැහැ'

ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පිරිසකට කඳුළු ගෑස් එල්ල කර විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඊයේ (08) පැවති ගුණ සැමරුම් උළෙල අමතමින් අදහස් පළකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
''ආබාධිත රණවිරු විරෝධතාවයට පොලීසිය විසින් අතින් පයින් පහර දී නැති බවත්, ජල ප්‍රහාරයක් පමණක් එල්ල කර ඇති බවත් සඳහන් කළේය.

එම සිදුවීම සිදුවෙද්දී තමන් සිටියේ ඉන්දියාවේ බවත් තමන් මෙරට සිටියේ නම් එසේ හෝ පහර දීමක් සිදුවීමට ඉඩ නොතබවන බව කියා සිටියේය.

තමන් මෙහෙයවනු ලබන්නේ කුමන බලවේගයක් විසින් දැයි යන්න 'අසරණ රණවිරුවන්' නොදන්නා බව ද ජනාධිපතිවරයා එහිදී පැවසිය.

විශ්‍රාමික සේවා වැටුප ලබා දෙන බව දන්වා තිබියදීත් ආබාධිත සෙබළුන් උද්ඝෝෂණයේ යෙදීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

"මේ ව්‍යාපාර පිටුපස වෙනම මෙහෙයවීම් තිබෙනවා. ඒවා දේශපාලන මෙහෙයවීම්. මේ අසරණ රණවිරුවෝ දන්නේ නැහැ ඒ අය මෙහෙයවුවේ කවුද කියලා. ඇතැම්විට ඒ අයගෙන් එක් අයෙක් පමණක් දන්නවා ඇති මෙහෙයවුවේ කවුද කියලා" ජනාධිපතිවරයා සඳහන් කළේය.

උද්ඝෝෂණය අවසන්
 

පෙරේදා (නොවැම්බර් 07) ආබාධිත සෙබළුන් පිරිස ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ඔවුන් හමු වී කරුණු අවබෝධ කර දුන් බව පැවැසූ ජනාධිපතිවරයා, "දැන් ඒ සියල්ල හරි කීවට පස්සෙත්, ඒ ගිය අයෙක් දුරකතනයෙන් කණ්ඩායමකට කතා කරලා පණිවුඩය දුන්නා" යනුවෙන් කියා සිටියේය.

"ඒ දුරකතන පණිවුඩය එක්ක තමයි පාරට බැහැලා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වෙන්න ඒ පිරිස පැමිණියේ. මේ පිටුපස ඉන්න පිරිස මේ වැඩපිළිවෙළට එනකොටත් තීන්දු කරලා ඉවරයි මෙවැනි දෙයක් කරන්න ඕනි කියලා" ජනාධිපතිවරයා සඳහන් කළේය.


'දේශපාලන හස්තයක්'


ආබාධිත සෙබළුන් විසින් වසර අටක් පුරා කරන ලද ඉල්ලීම් මීට මාස හතරකට පෙර තමා වෙත යොමු වූ බව කියා සිටි ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය හා සාකච්ඡා කොට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව තීන්දුවකට පැමිණි බව පැවසීය.

"අපි මේ ඉල්ලීම් ලබා දෙන්න කටයුතු කළේ මීට මාස හතරකට කලින්. ඒ ආයතනවලට සහ සංවිධානවලට ඒ බව දැන්වුවා,. පෙළපාලි ගිහින් කොටුවේ වාඩි වුනාමත් අපි ඒ බව ඔවුන්ට දැන්වූවා," යයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top