Nov 09, 2016

'බැදුම්කර මගඩියේ සල්ලි රටින් පන්නලා' -ජී.එල්.

මහ බැංකු බැඳුම්කර මගඩියෙන් අයථා ලෙස උපයා ගත් මුදල් මේ වන විට පර්පචුවල් සමාගම විසින් සිංගප්පූරුවට යවා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඊට අමතරව එම අයථා ලාබවලින් කොළඹින් වටිනා ඉඩම් මිලදී ගනිමින් සිටින බවද කී පීරිස් මහතා, මෙම තත්වය යටතේ රජයෙන් වංචා කල මුදල් ආපසු අයකර ගැනීමට නොහැකි නිසා හැකි ඉක්මනින් එම සමාගමේ බලපත්‍රය අවලංගු කළ යුතු යයිද අවධාරණය කලේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top