nsb

Nov 09, 2016

'නිල මෙහෙවර' ලබන ජනවාරියේ අවසන් Featured

නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසටහනේ  සමාප්ති උත්සවය 2017 ජනවාරි මස 14 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ගාල්ල, ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙහි ප්‍රථම අදියර පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා  මාස තුනකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කර අවසාන වූ අතර මේ වන විට එය ගාලු දිස්ත්‍රික්කය පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතියි.
 
ගාල්ල දිස්ත්‍රික්කයේ 1,091,000 ක ජනගහනයකට දීර්ඝ කාලයක් තිස්සේ  විසඳා ගැනීමට නොහැකි වූත්, රජය මගින් විසඳුම් ලබාදිය යුතු වූත් ගැටලු සියල්ල විසඳීමේ අරමුණින් ක්ෂේත්‍ර නිලධාරීන් 4,000 ක් ඉක්මවූ පිරිසක් ගෙන් ගෙට යමින් ජනතා ගැටලු සම්බන්ධ තොරතුරු රැස් කරමින් මෙහි මූලික කටයුතු ඇරඹිය.

මේ යටතේ ජනතාවගෙන් කිසිඳු මුදලක් අයකිරීමෙන් තොරව ප්‍රදේශයේ නොවිසඳී ඇති සියලු ප්‍රශ්න ජනතාව වෙතින් ලබා ගනිමින් විසඳුම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ජනතා හිතවාදී වැඩසටහන් රැසක්  ක්‍රියාත්මක වේ.

WajiraAbewardhana1 600px 09 11 16

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top