Nov 10, 2016

'හිලරි දිනුවානම් ලංකාවට අසීරු තත්ත්වයක්' - දයාන් Featured

ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ හිලරි ක්ලින්ටන් දමිළ ඩයස්පෝරාවේ නොමසුරු සහාය ලැබූ බවත්, ඒ අනුව ඇය ජනාධිපති ධූරයට පත් වූයේ නම් ලංකාවට එය අසීරු තත්ත්වයක් උදා කරනු ඇති බවත් දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම කුමක්දැයි 'නෙත් නිවුස්' කල විමසීමක දී ඔහු එබව කියා සිටියේය.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඝෘජු සහ අනියම් ආකාරයට ලංකාවට බලපෑම් එල්ල කළ හැකි බවත්, එහි වැඩි බලපෑමක් ශ්‍රී ලංකාවට සුභදායි ලෙස බලපානු ඇති බවත් එහිදි ඔහු සඳහන් කළේය.

උතුරේ ජාතිවාදීන්ගේ විශාල බලාපොරොත්තුවක් ඒ අනුව බිඳ වැටුණු බවත් ඔහු පැවසිය.


ලංකාවට දේශපාලන පාඩමක්:


හිලරිගේ පරාජයෙන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකාවට ද දේශපාලන පාඩම් කිහිපයක් කියාදෙන බව මෙහි දී ඔහු ප්‍රකාශ කළේය.

ලංකාවේ 2015 වසරේ ජනවාරි 08 වැනිදා සිදු ජයග්‍රහණයට මූලය වූ උපාය ක්‍රියාත්මක කර හිලරි ක්ලින්ටන් පරාජය වූ බව ඔහු එහිදි සඳහන් කළේය.

 ඒ අනුව සුලුතරයන් සියල්ල එකතු කර බහුතරයේ කුඩා කොටසක් ලබා ගත් විට ජයග්‍රහණයට ඇතියි කියන සංකල්පය මෙහිදී පරාජය වුණ බව සඳහන් කල දයාන් ජයතිලක මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක අනුගමනය කරන්නේද එම පිළිවෙත බව කියා සිටියේය.


පොල් ගැසූ දේශපාලඥයන් ට්‍රම්ප් පසුපස :


මේ අතර, අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන්ට ජය පතා යාපනය නල්ලූර් කන්දසාමි කොවිලේදී ඉකුත් 03 වැනිදා පොල් ගසා දේව මෙහෙයක් සිදුකළ  දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසුයේ, එක්සත් ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනිම සඳහා ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සහය අපේක්ෂා කරන බවයි.

හිලරි ක්ලින්ටන්ට ජය පතා විවිධ දේව කන්නලව් සිදු කළත් අමෙරිකානු ජනතාව ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවට තමන් දැන් හිස නමන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මීට පෙර හිලරි ක්ලින්ටන්ට සහය දැක් වූ නිසා ඩොනල්ඞ් ට්‍රම්ප් තමන් සමඟ හෝ ශ්‍රී  ලංකාවේ දෙමළ ජනතාව සමඟ විරසක නොවනු ඇතැයි ද විශ්වාස කරන බවත් එම්. කේ. සිවාජිලිංගම් මහතා මෙහිදී කියා සිටියේය.

(පසුගියදා හිලරි ක්ලින්ටන් වෙනුවෙන් ජය පතා පොල් ගැසූ ඡායාරූප පහතින් දැක්වෙයි)

Dayantrumpt



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top