15976 BM WEB BANNER 01
Nov 10, 2016

'දේශපාලන බාලයෝ අද මෛත්‍රීට ළංවෙලා' - මරික්කාර්

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස බව සමහරුන්ට අද අමතකවී ඇති බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා ලෙස ඔවුන් සිතන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

‘චන්ද්‍රිකා, මහින්ද විනාශ කල එවැනි දේශපාලන අද බාලයෝ මෛත්‍රීට ළංවෙලා සම්මුතිවාදි ආණ්ඩුවත්, සාධාරණ සමාජයත් විවේචනය කරනවා.. යයි ද ඔහු කියා සිටියි.

ඔහු මෙම අදහස් පළකළේ මුල්ලේරියාව උඩුමුල්ල සුහද අවමංගල්‍යාධාර හා සුබ සාධක සමීතියේ පොදු ප්‍රයෝජනය පිණිස රුපියල් ලක්ෂයක වටිනාකමකින් යුතු උත්සව භාණ්ඩ ප්‍රදානය කිරීමකට එක් වෙමිනි.

එහිදී ඔහු මෙසේද පැවසිය.


මහින්දත් එක්ක නිදා ගත්ත අය :


‘මේ ගෙවෙන්නේ යහපාලන ආණ්ඩුව පිහිටුවිමට මේ රටේ සාධාරණ සමාජයක් ගේන්න කැපවෙච්ච ඇප වෙච්ච මූලිකත්වය ගත්ත මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන්වහන්සේ අපවත් වෙලා අවුරුද්දක් ගෙවෙන තැන.

 මහින්ද මහත්තයා එක්ක නිදා ගෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක නැගිටපු කට්ටියක් ඉන්නවා. යහපාලනයේ නියම අර්ථය එයාලා දන්නේ නෑ. සාධාරණ සමාජයක් කියන එකෙන් සෝභිත හාමුදුරුවෝ බලාපොරොත්තු වුනේ මොකක්ද කියලා ඒගොල්ලෝ දන්නේ නෑ.

ප්‍රජාත්‍රන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු ආකාරය සම්බන්ධව සෝභිත හාමුදුරුවෝ බලාපපොරොත්තු වුනේ කුමන ආකාරයටද කියලා ඒ ගොල්ලෝ දන්නේ නෑ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක්  ලෙස පත් වුනේ කියලා අමතක වෙලා ඒ අය හිතන් ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා බවට පත් වුනා කියලා.


ගුටි කෑවේ අපි !


මෛත්‍රිපාල මැතිතුමාව ජනාධිපති කරන්න ගුටි කාලා, වෙඩි කාලා,  ගෙයින් ගෙට ගිහිල්ලා රැස්වීම් තියලා, පොස්ටර් අලවලා ඒ වැඩ කටයුතු කළේ යූන්පී පාක්ෂිකයින්  තමයි.

සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී හිටපු සෝභිත හාමුදුරුවෝ ඇතුළු කණ්ඩායම රට තුළ මේ ජනමතය හදන්න විශාල වැඩ කොටසක් කළා,

නමුත් දැන් ඉන්නවා චන්ද්‍රිකා මැතිණිය ගාව ඉදලා එතුමිය විනාශ කරපු , මහින්ද මහින්ද මහත්තයා ළග ඉදලා එතුමාත් විනාශ කරලා , මෛත්‍රී මහත්තයාවත් විනාශ කරන දේශපාලන අද බාලයෝ ඉන්නවා සාධාරණ සමාජය විචේචනය කරන්න.


 කාලයක් අවශ්‍යයි :


සාධාරණ සමාජය  බලාපපොරාත්තු වෙන දේවල් ඒ වේගයෙන් කරන්න බැරි වෙන්න පුළුවන්.

ඒ සදහා යම් කාලයක් අවශ්‍යයි.  සම්මුතිවාදී රජය තුළ එකට සහයෝගයෙන් රට වෙනුවෙන් ඉදලා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ අරමුණු වෙනුවෙන් කටයුතු කළොත් පමණයි ඉදිරිය ජය ගන්න පුළුවන් වෙන්නේ.

 ඒ නිසා අපිට ඕනේ මේ පාට පක්ෂ භේදයකින් තොරව  මේ ගම රට සංවර්ධනය කරන්න. ඒ වැඩකටයුතු ටික කරලා නිදහස් නිවහල් සාධාරණ සමාජයක් බිහි කරන්න ඇප කැප වෙනවා’

(මිනුර ශාන්ත)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top