nsb

Nov 10, 2016

'අර්ජුන්ව අගමැති උපදේශක ධුරයෙන් ඉවත් කරාවි' - රාජිත

අගමැති කාර්යාලයේ උපදේශක තනතුරක්‌ දරන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි සම කැබිනට්‌ ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහතා සමග කතාබහ කර වැදගත් අයුරින් අවශ්‍ය තීන්දුව ගනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළ්ය.

කැබිනට්‌ තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (9 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවැසීය.

චෝදනා තහවුරුවෙලා !

ගැටලුවකදී කලබලකාරී නොවී සැහැල්ලුවෙන් කටයුතු කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්‌වභාවය බව මෙහිදී කී රාජිත සේනාරත්න මහතා, අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් එසේ ක්‍රියා කරනු ඇතැයි තමන්ගේ විශ්වාසය බවද සඳහන් කළේය.

මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහතා රජයේ පස්‌ අවුරුදු සංවර්ධන සැලැස්‌මේ උපදේශකවරයෙකු ලෙස පත්කරනු ලැබුවේ බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනාව එල්ල වී තිsබියදී පමණක්‌ බව වැඩිදුරටත් පැවසූ ඇමැතිවරයා, දැන් කෝප් වාර්තාව මගින් එකී චෝදනා තහවුරු වී තිබෙන බවද පැවැසීය.

තවත් පැමිණිල්ලක්

මේ අතර, මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ලැබී ඇති පැමිණිලි ගැන වහාම පරික්ෂණ සිදු කර අදාළ සියලු චුදිතයන් අධිකරණය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් 'දුෂණ විරෝධී පෙරමුණේ' සාමාජිකයෝ පෙරේදා (08) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණීල්ලක් ඉදිරිපත් කළහ.

චමිර පෙරේරා, අකලංක හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් ඊට එක් වුහ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන මුලින්ම අල්ලස් කොමිසමට පැමිණිලි කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ඇමැති මහින්ද අමරවීර මහතාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top