Nov 10, 2016

ට්‍රම්ප් දිනන බව මුලින්ම කීවේ වඳුරෙක්‌

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ලබන බවට මුලින්ම අනාවැකියක්‌ පළ කළේ චීනයේ සංචාරක උද්‍යානයක සිටින "ජෙඩා" නමැති වඳුරායි.

මෙයට පෙර ලෝක පාපන්දු කුසලානය පෘතුගාලය ජය ගන්නා බවට "ජෙඩා" පළ කළ අනාවැකියද සැබෑ විය.

පස් හැවිරිදි වියේ පසුවන මෙම වඳුරාගේ හිමිකරුවා විසින් චීනයේ උද්‍යානයක ඇමරිකා ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනාගේ අනුරූ තබා ජයග්‍රහණය කරන අය පෙන්වන ලෙස සංඥා කර ඇති අතර මෙම සත්වයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුරුවට පැන එය වැළදගෙන ඇතැයි වාර්තා වුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top