Nov 10, 2016

සීනි නම් ඇස් දෙකත් බලාගන්න Featured

නාගරික ප්‍රදේශවල ජනතාවගෙන් සියයට 20ක් වර්තමානය වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසයි.

ගම්බද ප්‍රදේශවලද දියවැඩියාවට ගොදුරුවීමේ ප්‍රවණතාව සියයට 08ක් පමණ වන අතර මේ වන විට දියවැඩියා රෝගය බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව ඔහු සදහන් කරයි.

දියවැඩියාව සහ අක්ෂි රෝග

දියවැඩියා රෝගීන්ගේ 23%කට අසේ සුද ඇතිවීමේ අවදානමක් ඇති බවත්, ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 89,000ක් පමණ වාර්ෂිකව මෙරට සිදුවන බවද හෙතෙම පැවසීය.

ලබන 14 වන දිනට යෙදී ඇති ලෝක අක්ෂි දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වයස අවුරුදු 40ට වැඩි සෑම පුද්ගලයෙකුම වසරකට වරක් අක්ෂි පරික්ෂාවක් සිදුකරගත යුතු බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top