Nov 10, 2016

‘රබර් කර්මාන්තය වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 900ක්’(update) Featured

තේ කර්මාන්තයේ අංශ කිහිපයක බදු සංශෝධනය කෙරේ.

‘වයඹ විශ්ව විද්‍යාලයයේ ආහාර තාක්ෂණ පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කරනවා.’

‘වී පළතුරු එළවළු ධාන්‍යවර්ග හා මල් වර්ග සඳහා දියුණු තාක්ෂණ ක්‍රම භාවිත කිරීම සඳහා කෘෂිකර්ම සැකසුම් කර්මාන්ත සඳහා ව්‍යවසායකයන් දිරිමත් කරනවා.’

‘නව තාක්ෂණික හා කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට සියයට 15ක පොළී සහනයක් ලබා දීමට බලාපොරොත්තු වේ.’

තේ කර්මාන්තයේ වර්ධන සඳහා අගය එකතු කළ තේ වර්ග නිශ්පාදනය සඳහා කටයුතු කරනවා

ප්‍රධාන එළවලු වර්ග පහක් වගාකිරිම සඳහා රජයේ ඉඩම් අක්කර 20000ක් නිදහස් කරනවා

ගබඩා පහසුකම් ලබාදෙන මධ්‍ය පරිමාණ සහල් නිශ්පාදකයන් සඳහා පොලී සහනාධර ලබාදෙනවා. ඒ සඳහා මිලියන 400ක් ලබාදෙනවා.

ඵලදායිතාව වර්ධනය කර ගැනිමට නව කෘෂිකාර්මික ක්‍රමවේද යොදාගත යුතුවෙනවා. ඒ සඳහා ගොවිජනතාව දිරිමතච් කරනවා. පළතුරු හා එළවලු ණය වෙනුවෙන් 50%ක පොලී සහනාධාරයක්.

ආර්ථික වශයෙන් යොදාගෙන නොමැති ඉඩම් කෘෂිකර්මාන්තයට ලබා දෙනවා.

ගොවි සමූපාකාර ආරම්භ කරනවා.

කෘෂිකාර්මික අංශයේ නිරත මිලියන 2.5 වන කොටසගේ මාසික ආදායම 25000ක් වෙනවා. පෙරදිග ධාන්‍යාගාරය මෙවැනි තත්ත්වයට පත්වීම පිළිගැනීමට නොහැක. යැපුම් මට්ටමේ සිය වාණිජ මට්ටමට කෘෂිකර්මාන්තය රැගෙන ආ යුතුයි

2017 අයවැය සකස් කළේ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගත්තා. ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනතාවගේ අදහස්, විශ්වවිද්‍යාලවල අදහස් ලබගත්තා

‘මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මූල්‍ය ප්‍රවේශයට පහසුවෙන් ළගාවිය හැකි වාතාවරණයක් ඇති කරනවා. ඉඩම් නිවාස අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරිමට අවධානය යොමුව තිබෙනවා’

‘ ආයෝජන සඳහා වන පරිසරය වැඩි දියුණු කිරීම ඉතාමත් වැදගත්. ව්‍යාපාර පවත්වාගෙන යාම තහවුරු කිරිම සඳහා ආයෝජන හිතකර පරිසරයක් ඇති කරනවා ’

update-2.30pm


ලබන (2017) වසර සඳහා වන අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය.

ශ්‍රී ලංකාවේ 70 වැනි අයවැය මෙයයි. 

ඒ මහතා අයවැය කතාව අරඹමින් මෙසේ යෝජනා කර සිටියේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top