Jun 19, 2017

ඉස්ලාමීය රාජ්‍යයට ලංකාවේ තරුණයින් ද බඳවා ගැනීමේ ඉලක්කයක් Featured

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායමට (ISIS) පිරිස් බඳවා ගැනීම සඳහා ඉන්දීය උප මහාද්වීපික කලාපයේ ක්‍රියාකාරී එහි ප්‍රධාන බඳවා ගන්නෙකු ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල තරුණයින් ඉලක්ක කර ගනිමින් සිටින බව ‘එන්ඩීටීවී’ උපුටා දක්වමින් ‘ඬේලි ස්ටාර්’ වාර්තා කර ඇතැයි ‘ඬේලිමිරර්’ වෙබ් අඩවිය කියා සිටී.

සැඟව ක්‍රියාත්මක වන මොහොමඞ් ෂෆි අර්මාර් ෆේස්බුක් සහ අනෙකුත් පෞද්ගලික පණිවුඩ මාර්ග ඔස්සේ මෙම රටවල තරුණයින් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ බුද්ධි ශෝධනය කරන බව එහි දැක්වේ.

ඉන්දීයාවේ කර්නාටක ප්‍රාන්ත වැසියෙකු වන ඔහු විශේෂිත ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙකු ලෙසින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සතියේදී නම් කළේය.

නොයෙකුත් අන්වර්ථ නාමයන්ගෙන් ද හැඳින්වෙන අර්මාර්ට එරෙහිව ජාත්‍යන්තර පොලිස් සංවිධානය ද රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ඉන්දියාවේ වෙසෙන මුස්ලිම් තරුණයින් සම්බන්ධ කරගනිමින් ඔහු එරට ප්‍රහාර සිදු කිරීම, ආයුධ එක්රැස් කිරීම සහ ත්‍රස්තවාදී පුහණු කඳවුරු පැවැත්වීම සිදු කළ බව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.

ඉන්දීය මුජහිදීන් සංවිධානයට එරෙහිව එරට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වීමෙන් පසුව ඔහු තම සහෝදරයා සමඟ පකිස්තානයට පලා ගිය බවට වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top