Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 19, 2017

විමල් රටගිය අතරේ නඩු ෆයිල් නීතිපතිට

රජයේ වාහන අවභාවිත කර රජයට රුපියල් කෝටි 09කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි පරීක්ෂණ ලිපි ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

එම නඩුව අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඒ පිළිබඳව අධිකරණයට දැනුම්දි ඇත.

ඒ අනුව අදාළ නඩු විභාගය ඔක්තෝබර් මස 23 වනදා යළි කැඳවීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

එදිනට අදාළ පරික්ෂණ වාර්තා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර ඇති අතර නීතිපතිවරයා වෙත සිහි කැඳවීමේ නියෝගයක් ද නිකුත් කර ඇත.

ඊට අමතරව අදාළ නඩුවේ දෙවැනි වගඋත්තරකරු වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සභාපති සමන්ත ලොකුහැන්නදිගේ මහතාට අගෝස්තු 03 වැනිදා සිට 10 වැනිදා දක්වා කාලය තුළ විදෙස් ගතවීමටද අධිකරණයේ අවසර ලබා දී තිබේ.

මේ අතර විමල් වීරවංශ මහතා ද අද (19) මහින්ද රාජපක්ෂ මහතා සමඟ පකිස්ථානයේ පැවැත්වෙන ආරක්ෂක සමුලුවකට සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගොස් ඇත

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් – 183 දරන ගුවන් යානයෙන් ඔවුන් මෙසේ ගොස් තිබේ.

විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මහාචාර්යය ජී එල් පීරිස් මහතා ඇතුළු 08 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් සංචාරයට එක්ව සිටිති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top