nsb

Nov 11, 2016

වනෝද්‍යාන තුළ දී වාහනවලට නව නීති Featured

ජාතික වනෝද්‍යාන තුළ වාහන ධාවනය කිරීමේදී ධාවන වේගය පැයට කිලෝ මීටර් 20ත් 25ත් අතර ප්‍රමාණයකින් ධාවනය කළ යුතු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම ජාතික වනෝද්‍යාන තුළට ඇතුළුවීම සඳහා ලබාදෙන අවසර පත්‍රයේ සඳහන් උපදෙස් උල්ලංඝනය කරන සියලුම දෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව සංචාරයට පැමිණෙන සංචාරකයන් වනජීවීන්ගේ නිදහසට ගරුකරමින් පරිසර සංරක්ෂණයට දායක විය යුතු බවද එම අංශය පෙන්වා දෙයි.

වේග සීමා උල්ලංඝනය කරමින් යාල ජාතික වනෝද්‍යානය තුළ ජීප් රථයක් ධාවනය කළ රියදුරෙකුට එරෙහිව තිස්සමහාරාම අධිකරණය රුපියල් 35,000 ක දඩ මුදලක් නියම කළ බවද එම අංශය සඳහන් කරයි.

ජාතික වනෝද්‍යාන තුළ ධාවනය කරන වාහනවල ගැටී සතුන් මිය යාමේ සහ ආබාධයට ලක් වීමේ සිදුවීම් රැසක් පසුගිය කාලය තුළ වාර්තා වුණි.

 විශේෂයෙන් සති අන්ත දිනවල දී වනෝද්‍යාන ප්‍රදේශවලට සංචාරකයන් ගේ පැමිණීම බෙහෙවින් ඉහළ යයි. ඒ නිසා සිදු විය හැකි වනසතුන් ගේ මරණ හා සතුන් ගේ චර්යාරටාවලට ඇති වන බාධා වීම් බොහෝය. එසේම අධික සංචාරකයන් ප්‍රමාණයක්‌ සංචරණයේ යෙදීම නිසා වනසතුන්ට යම් ආතතියක්‌ ඇති කිරීම අවධානයට ලක්‌ විය යුතු කරුණක් බවට පත්ව තිබේ. වනජීවීන් ගේ සාමාන්‍ය ජීවන පිළිවෙත්වලට අධික සංචරණයෙන් සිදු වන බාධා වීම් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top