nsb

Nov 11, 2016

ලංකාවේ ෆෝමියුලා තරු දෙකක් ඉන්දියානු තරග බිමට Featured

මෙරට ෆෝමියුලා ධාවන තරග බිමේ ප්‍රබලතම ක්‍රීඩකයන් වන බ්‍රයන් පෙරේරා හා කාර්ටින් ශූරතාවලියේ ඉදිරියෙන් පසුවන කෙවින් පෙරේරා හට ඉන්දීය ජාතික ෆෝමියුලා ශූරතාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

අත්දැකීම් බහුල සුදුසුකම් ඇති මේ යොවුන් ක්‍රීඩකයන් දෙදෙනා මෙම මස 20 වැනිදා ඉන්දියාවේ පැවැත්වෙන ජේ.කේ.ටයර්ස් ජාතික ශූරතාවලියේ අවසන් වටයේ එල්.ජී.බී. ෆෝමියුලා 1300 තරග ඉසව්වට එක්වනු ඇත.

එවැනි තරගාවලියකට එක්වීමට මෙරට මෝටර් රථ ධාවන ශූරයන්ට ලැබුණු පළමු අවස්ථාව මෙය වේ.

18 හැවිරිදි බ්‍රයන් වසර 2014 ජාතික ෆෝමියුලා මෝටර් රථ ශූරතාව දිනාගනිමින් එවැනි දස්කමක් කළ ලාබාලතම ධාවකයා ලෙස ඉතිහාසයට එක්වූ අතර කෙවින් පෙරේරාට ද මෙකෝ මෝටර් ස්පෝර්ට්ස් වෙතින් මේ ශූරතාවලියට එක්වීමේ අවස්ථාව උදාවීම කැපී පෙනේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top