nsb

Nov 11, 2016

රුවන්ගේ 'ආවා’ කතා නිසා එජාපෙ මණ්ඩලේ කචල්

යාපනයේ 'ආවා' කල්ලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ දරන ස්ථාවරයට පරස්පර ස්ථාවරයක් දරමින්  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කළේ යැයි කියන ප්‍රකාශය පිළිබදව එම පෙරමුණේ නායකයන්ගේ විශේෂ අවදානය යොමුවී ඇතැයි වාර්තා වේ.

මේ කල්ලිය නිර්මාණය කර තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත එවකට යුද හමුදාවේ සිටි ඉහළ නිලධාරියෙකු බවට සියලු තොරතුරු අනාවරණය වී තිබෙන්නේ යැයි එක්සත් ජාතික පෙරමුණ කියා සිටී.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාද එම කල්ලිය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව පැහැදිලිව සදහන් කළේ යැයි ද එක්සත් ජාතික පෙරමුණ පෙන්වා දෙයි.

කෙසේ නමුත් දොස්තර රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයෙන් පසුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන සහ උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් පසුගියදා පවසා තිබුණේ මේ කල්ලියට හමුදාවේ කිසිදු සම්බන්ධයක් තිබී නොමැති බවය.

උද්ගතවී තිබෙන මේ තත්වයෙන් පැහැදිලි වන්නේ යාපනයේ 'ආවා' කල්ලිය සම්බන්ධයෙන් යහපාලන ජාතික රජය අභ්‍යන්තරයේ විශාල මත ගැටුමක් තිබෙන බව යැයි දේශපාලන විචාරකයෝ පවසති.

- සුජිත් මංගල ද සිල්වා-

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top