Nov 12, 2016

පොල් කුඩු හා ඇල්ගී වලින් ඩීසල් : රුහුණු සරසවියේ වැඩක් Featured

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට විසඳුමක් වශයෙන් ඉවත ලන පොල් කුඩු හා ඇල් ගී යොදා ගෙන ඩීසල් නිපදවීමේ ක්‍රමයක් සොයා ගත් බව රුහුණු විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් පවසති.

ජීව ඩීසල් හෙවත් බයෝ ඩීසල් නිෂ්පාදනය කිරීම පිළිබඳව 2008 දී ආරම්භ කරන ලද පර්යේෂණයකදී එම සොයා ගැනීම කළ බව, මාපලාන කෘෂි විද්‍යා පීඨයේ කෘෂි ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී චින්තා රූපසිංහ මහත්මිය පැවසුවාය.

මෙම ක්‍රමය මගින් පොල් තෙල් සහ වැට එඬරු භාවිතා කර මේ වනවිට බයෝ ඩීසල් නිෂ්පාදනය කර තිබෙන බවත්, ආහාර සඳහා යොදා ගත හැකි කිසිම ප්‍රභවයක් ජීව ඉන්ධන සඳහා භාවිත කළ නොහැකි බැවින් ඉවත ලන පොල් කුඩු වැනි අමුද්‍රව්‍ය මේ සඳහා යොදාගත් බවත් ඇය සඳහන් කළාය.

විවිධ ප්‍රදේශවලින් රැගෙන පැමිණි ඇල් ගී විශේෂයන් විශ්ව විද්‍යාල‍යේ වගා කරමින් මේ පර්යේෂණ සිදු කර තිබෙන අතර මෙම බයෝ ඩීසල් සාමාන්‍ය ඩිසල්වලට සමානකමක් දක්වන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී චින්තා රූපසිංහ මහත්මිය පවසන්නීය.

මේ ආකාරයෙන් ජීව ඉන්ධන නිෂ්පාදනය කිරීම මගින් විකල්ප බලශක්තියක් ලෙසින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩීසල් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇතැයි පර්යේෂිකාව විශ්වාසය පළ කරයි.

(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top