Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 12, 2016

අයවැය විවාදයට ඔලුගෙඩි සෙල්ලම් බැරිබව වජිර කියයි

අයවැය විවාදයේදී පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි සෙල්ලමකින් අලුත් ආණ්ඩුවක් ගොඩනගන බව ඒකාබද්ධ විපක්ෂය කියනුයේ මේ රටේ තවමත් ක්‍රියාත්මක වන්නේ පරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියා සිතාගෙන යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ වහාම කළේ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යැයි පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා ඒකාබද්ධයේ අය එම අලුත් ව්‍යවස්ථාව දෙපාරක් විතර හොදින් කියවා ගත යුතු යැයි ද සදහන් කළේය.

එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධය විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් එම සිද්ධිය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ලොකුම විහිළුව ලෙස ඉතිහාස ගතවනු ඇතැයි ද වජිර අබේවර්ධන මහතා සදහන් කළේය.

-සුජිත් මංගල ද සිල්වා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top