15976 BM WEB BANNER 01
Nov 12, 2016

පුර පසළොස්වකදා හඳේ වෙනසක් Featured

ලබන නොවැම්බර් 14 වැනිදාට යෙදෙන පුර පසළොස්වක පොහොය දා වෙනත් පුර පසළොස්වක දිනයන්ට වඩා විශාල හඳක් දැකගත හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය කියයි.

මෙවැනි අවස්ථාවක් පෘථිවි වාසීන්ට උදාවෙන්නේ වසර 68කට පසුව බවද වාර්තා වේ.

මෙය සුපිරි හඳ (Super Moon) ලෙස හඳුන්වයි.

SuperMoon1 600px 16 11 12මෙම අවස්ථාවේදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි බව පැවසේ.

මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 වැනිදා බව ග්‍රහලෝකාගාරය කියා සිටී.

චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන අතර එම ගමන් මාර්ගයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවකදී එදින පුරපසළොස්වක පොහොය දිනයක් වුවහොත් මේ ආකාරයට චන්ද්‍රයා විශාලව දිස්වේ.

එමෙන්ම මෙම අවස්ථාවේදී සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා යන ආකාශ වස්තූන් තුනම එකම රේඛාවක පිහිටයි.

මේ වසරේදී අපට මෙලෙස හඳ විශාලව දිස්වන අවස්ථාවන් තුනක් උදාවිය.

ඒ ඔක්තෝබර් 16, නොවැම්බර් 14 සහ දෙසැම්බර් 14 වන අතර නොවැම්බර් 14 වෙනිදා හඳ වැඩිපුරම විශාලත්වයෙන් දැකිය හැකි දිනය සේ සැලැකේ.

පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කි.මී 384,400 පමණ වේ. කෙසේවුවද සුපිරි හඳක් දිස්වන ලබන නොවැම්බර් 14 වැනිදා චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර කි.මි. 356,509 ක් පමණ වේ.

එක් එක් වර්ෂයේදී චන්ද්‍රයා පෘථිවියට ආසන්නව ගමන් කල දිනයන් පහතින් දක්වා ඇති අතර ඒ ඒ අවස්ථා වල පෘථිවියේ සිට චන්ද්‍රයා ඇති දුර පිළිබඳව ඔබට අවබෝධයක් ලබාගත හැක.

වසර දිනය පෘථිවියේ සිට චන්ද්‍රයාට දුර
2011 මාර් තු 19 356,575 km
2012 මැයි 6 356,955 km
2013 ජූනි 23 356,991 km
2014 අගෝස්තු 10 356,896 km
2015 සැප්තැම්බර් 28 356,877 km
2016 නොවැම්බර් 14 356,509 km
2052 දෙසැම්බර් 6 356,425 km

2034 නොවැම්බර් 25 356,500 km 

SuperMoon2 600px 16 11 12

උදම් රළ සඳහා චන්ද්‍රයාගේ බලපෑමක් ඇති අතර, ඒ අනුව ලබන නොවැම්බර් 14 වැනිදා චන්ද්‍රයා පෘථිවියට ආසන්න වීම හේතුවෙන් උදම් රළ වල වැඩිවීමක්ද සිදුවිය හැකි බවටද විශ්වාස 

කෙරේ.

මෙම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කල හැකි බවත් එදින රාත්‍රී 7.30 ට පමණ අහස බැලීමෙන් චන්ද්‍රයාගේ දීප්තිය සහ විශාලත්වය වැඩිවී ඇති අයුරු ඔබට දැකිය හැකි වනු ඇතැයි ග්‍රහලෝකාගාරය කියා සිටී.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ ඉදිරිපත් කිරීමකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top