Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 13, 2016

ලංකාවට IMF දෙවැනි ණය වාරිකයදීම අර්බුදයක ! Featured

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය වාරිකයේ දෙවැනි කොටස සැපයීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇතැයි මූල්‍ය අරමුදලේ කොළඹ කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ණය සැපයීමට පෙර ශ්‍රී ලංකා රජය හා මූල්‍ය අරමුදල අත්සන් කළ එකඟතාවන්ට අනුව රජයේ ආදායම් වියදම් ඉලක්ක සම්පූර්ණ නොකිරීම බව වාර්තා වේ.


ණය මුදල සැපයීමට පෙර අයවැය හිඟය 4.7%ක මට්ටමක  පවත්වා ගැනීමට, රජයේ වියදම් සීමා කිරීමට හා ආදායම් ඉලක්ක නියමිත සීමාවේ පවත්වා ගැනීමට රජය මූල්‍ය අරමුදලට එකඟවී තිබේ.


ඒ අනුව 2017 අයවැය ලේඛනය පරික්ෂා කරණ තෙක් මූල්‍ය අරමුදලේ ණය මුදල ලබාදීම ප්‍රමාද වන බව රජයට දන්වා ඇතැයි ද වාර්තා වේ.


මේ මස 17 වැනිදා පැවැත්වෙන මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකාවට සැපයීමට නියමිත දෙවැනි ණය වාරිකය නිකුත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.


කෙසේවුවද, අයවැයේ ඔවුන් අපේක්ෂා කළ ආදායම් හා වියදම් අතර ගැටලු ඇති බව දන්වා ඇතැයි ද මේ අතර වාර්තා වේ.


මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 170ක් පමණ ලැබීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top