15976 BM WEB BANNER 01
Jul 11, 2017

සංවර්ධන නිලධාරීන් බුරුත්තක් ෆේල්වීමට විරෝධයක් !

රාජ්‍ය සේවය සදහා වසර 2012 දී  බදවා ගන්නා ලද සංවර්ධන නිළධාරීන්ගේ සේවය ස්ථීර කිරීමට පසුගිය 22-12-2016 දින පවත්වන ලද කාර්යක්ෂමතා කඩයිම් විභාගයෙන් විශාල පිරිසක් අසමත්ව ඇතැයි වාර්තාවේ.

විභාග ප්‍රශ්න පත්‍රවල ගැටලු රැසක් පැවතීම මීට හේතු වී ඇතැයි පැවසේ.

මේ වන විට රාජ්‍ය සේවකයන් විශාල පිරිසකගේ සේවය ස්ථීර කිරීම ප්‍රමාද වී ඇති අතර මේ සම්බන්ධව ඔවුන් සිය අප්‍රසාදයද පලකර ඇති බව පැවසේ.

මේ තත්ත්වය නිවරදි කිරීමට උත්සාහ කටයුතු නොකරන්නේ නම් ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන බවද පැවසේ.
 
මෙම විභාගය ප්‍රථම වතාවට පැවැත්වූ වාරයේදී බදවා ගත් සංවර්ධන නිළධාරීන් 8000ක් පමණ එයින් සමත්ව ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top