nsb

Nov 13, 2016

'ලාභ ලබන රාජ්‍ය ආයතන විකුනන්නේ නැහැ' - ජනාධිපති Featured

ලාභ ලබන කිසිඳු රාජ්‍ය ආයතනයක් විකිනීමට ජනාධිපතිවරයා කිසිඳු ලෙසකින් ඉඩ නොතබන බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු පැවසිය.

ලබන වර්ෂයේදී (2017) රජයට අයත් ව්‍යාපාර ආයතන ගණනාවක රාජ්‍ය අයිතිය කොටස්‌ වෙළෙඳපොළ හරහා විකුණා 

ඒ තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක්‌ ( දළ වශයෙන් රු. කෝටි 15,000ක්‌) පමණ මුදලක්‌ උපයා ගැනීමට

මෙවර අය-වැයෙන් මුදල් අමාත්‍යංශය සැලසුම් කර තිබීම සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර් ' කල විමසීමකදී එම නිලධාරියා එබව සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය කාලයේ කිහිප වරක්‌ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

එසේ වූවත් එම යෝජනාව මෙවර අය-වැයට ඇතුළත්ව තිබේ.

ඒ අනුව, හයට්‌, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, වෝටර්ස්‌එජ්, හිල්ටන් හෝටලය, හම්බන්තොට සෝල්ට්‌ සහ මන්තායි සෝල්ට්‌ යන ආයතනවල රාජ්‍ය අයිතිය විකුණා දැමීම සඳහා එම ආයතන මුලින්ම කොටසක්‌ වෙළෙඳ පොළේ ලියාපදිංචි කිරීමට මුදල් අමාත්‍යංශය සැලසුම් කර ඇත.

ණය පියවීමට:

මෙම රාජ්‍ය අයිතිය විකිණීමෙන් ලබා ගන්නා මුදල් යොදාගෙන ඉහළ පොළී සහිත ණය මුදල් පියවීමට යොදා ගැනීමට රජය බලාපොරොත්තු වේ.

මේ ආයතනවලට අමතරව තවත් ආයතනවලද රාජ්‍ය අයිතිය කොටස්‌ වෙළෙඳ පොළ හරහා විකුණා දැමීමට නියමිත අතර ඒ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතය.

පාඩු ලබන ආයතනයක්‌ වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සහ මිහින් ලංකා ආයතනය පුද්ගලික අංශයත් සමඟ සම්බන්ධ වී නැවත ප්‍රතිසංස්‌කරණය කිරීමට නියමිත අතර මිහින් ලංකා සමාගමේ කටයුතු දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඒකාබද්ධ කරනු ලැබ ඇත.

ලංකා හොස්පිටල්ස් අයවැයෙන් පසුවට ?

මේ අතර මෙවර අයවැය යෝජනාවන් හි දී පාඩු ලබමින් ඇති රාජ්‍ය සමාගම් කිහිපයක්ම පෞද්ගලික අංශයට පැවැරීම සඳහා යෝජනා ගෙන ආවද එම ලැයිස්තුවේම තිබූ ලාභ ලබන 'ලංකා හොස්පිටල්ස්' ආයතනය පෞද්ගලික අංශයට පැවැරීම අයවැයෙන් පසුව කොටස් වශයෙන් සිදුකිරීම සඳහා එජාප නායකත්වය එකඟත්වයකට පැමිණ ඇත.

එම සමාගම විකිණීම අයවැය යෝජනා අතරින් ඉවත්කර ඇත්තේ ඒ අනුව බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top