15976 BM WEB BANNER 01
Jul 15, 2017

විද්‍යා දැරිය ඝාතනය: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ! Featured

යාපනය පුංගුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක වූ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදා හැරියේ යැයි චෝදනාවට ලක්ව සිටින එවකට යාපනය ප්‍රදේශය බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අද (15) දින අත්අඩංගුවට ගැනීමට නියමිත බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තා මත පදනම්ව නීතීපති දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන බවයි.

තමිල්මාරන්ගේ ඉල්ලීමක් අනුව :

යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා පාසැල් සිසුවියව 2015 මැයි 13 වන දින අපරාධකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කෙරිණි.

අපරාධය සිදුකර තිබියදීත් එම අපරාධයේ මහ මොළකරු වූ මහාලිංගම් ශශීකුමාර් හෙවත් ස්විස්කුමාර් නමැත්තාට පළායාමට ආධාර කිරීම සම්බන්ධයෙන් එවකට යාපනය ප්‍රදේශය භාරව සිටි ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට චෝදනා එල්ල වී තිබිණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය තමිල්මාරන්ගේ ඉල්ලීමක් අනුව මෙසේ ප්‍රධාන සැකකරුව ලලිත් ජයසිංහ මහතා විසින් මුදාහැර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

නින්දෙන් ඇහැරීම :

කෙසේවෙතත් පුරා දෙවසරක් මේ පිළිබඳව නිදිකිරමින් පසු වූ පොලිස් කොමිසම පසුගිය 04 වනදා යාපනය මහාධිකරණයෙහි පැවති නඩු විභාගයේදී මහාචාර්ය තමිල්මාරන් මහතා සාක්ෂි දෙමින් ලලිත් ජයසිංහ මහතා මීට සම්බන්ධ වන ආකාරය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හදිසියේ අවදිවී චෝදනා පත්‍රයක් යවා ඇති බව පෙනේ.

අප වෙත වාර්තා වන පරිදි, මොහුට චෝදනා පත්‍රයක් යවන මෙන් පොලිස් දෙපාර්තමේන්තුව ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීම් කර ඇත්තේ මීට වසර දෙකකට පෙරය.


සබැඳි පුවත් :
විද්‍යා දැරිය ඝාතනය: නියෝජ්‍ය පොලිස්පතිට චෝදනා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top