ආණ්‌ඩුව ඉදිරි අවුරුදු තුන දක්‌වා පවත්වාගෙන යායුතු බවට එකඟතාවයක් ආණ්‌ඩුව ඉදිරි අවුරුදු තුන දක්‌වා පවත්වාගෙන යායුතු බවට එකඟතාවයක්
Jul 15, 2017

ජනවාරියේ අලුත් හවුල් ආණ්ඩුවක් ! Featured

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන මැති ඇමැතිවරු පිරිසක්‌ ආණ්‌ඩුවෙන් ඉවත් වුණොත් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් එක්‌කර ගනිමින් අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධව විපක්‍ෂය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

පසුගිය මැතිවරණවලදී ජනතාවට දුන් පොරොන්දු ඉටුකරදීම ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අරමුණ වී තිබෙන බවත් ඒ සඳහා ආණ්‌ඩුව ඉදිරි අවුරුදු තුන දක්‌වා පවත්වාගෙන යායුතු බව නායකයන් දෙදෙනාගේ මතය වී ඇති බවත් එම ප්‍රකාශකයා කීය.

මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා ආණ්‌ඩුවේ සිටින පිරිසක්‌ හදිසියේ ආණ්‌ඩුවෙන් ඉවත්ව යන්නේ නම් නව අණ්‌ඩුවක්‌ පිහිටුවා ගත යුතු බව ආණ්‌ඩුව නියෝජනය කරන බහුතරයකගේ මතය වී තිබෙන බව ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

කබලබ විය යුතු නැහැ :

Dumindadisanayaka 670px 19 12 16

පක්ෂයක් ලෙස ගත් තීන්දුවක්..
ළඟදීම ආණ්ඩුවෙන් ඉවත්වන බවට ශ්‍රීලනිපයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු දැනටමත් ප්‍රකාශකර තිබේ,

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසන්නේ, පක්ෂයක් ලෙස ගත් තීන්දුවක් වෙනුවට එක් අයකු හෝ කිහිපදෙනකු විසින් ඊට වෙනස් තීන්දුවක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම මේ වසරේ දෙසැම්බර් අවසානය තෙක් බලාත්මක බැවින් දැන්ම කලබල විය යුතු නැති බව ද ඔහු කියා සිටියි.


සබැඳි පුවත් :

''දෙසැම්බර් තෙක් කලබල වියයුතු නෑ'' - ඇමති දුමින්ද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top