Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
මහින්දට වෙන්නේ හොඳට ලී ඉරමින් තිබූ පලංචියට නැග කූඤ්ඤය ඉවත් කළ වඳුරාට වෙච්ච වැඩේ.. මහින්දට වෙන්නේ හොඳට ලී ඉරමින් තිබූ පලංචියට නැග කූඤ්ඤය ඉවත් කළ වඳුරාට වෙච්ච වැඩේ..
Jul 16, 2017

'ආණ්ඩුව අස්ථාවර වීමට ඉඩ තියන්නේ නැහැ' - එජාපය

‘ආණ්ඩුව අස්ථාවර වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ආණ්ඩුව වට්ටන්න හිතාගෙන ආණ්ඩුවත් සමග සිටින මන්ත්‍රීවරු පිරිසක් ඉවත් කරගන්න කටයුතු කිරිමෙන් මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවන්නේ හොඳට ලී ඉරමින් තිබූ පලංචියට නැග කූඤ්ඤය ඉවත් කළ වඳුරාට වෙච්ච වැඩේ‘ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා අද(16) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

‘අද බොහෝ පුවත්පත් වල ප්‍රධාන පුවතක් බවට පත්වී තිබුණේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවෙන් ස්වාධීන වෙන්න සූදානම් බවයි. මේ විදිහට ස්වාධීන වෙන්න කතා කරන්නේ පහුගිය මැතිවරණයේදී පරාජිතයන් බවට පත්වූ අයයි.

අපිට සැකයක් තිබෙනවා මේ අය උත්සාහ කරන්නේ රට අස්ථාවරයි කියලා මතයක් ඇති කරලා රටට එන්න ඉන්න අයෝජකයින් නැවැත්විමටද කියලා. එහෙම කරලා අපේ සැලසුම් අඩපණ කරලා ආණ්ඩුවට ඉදිරියට යන්න නොහැකි තත්වයක් ඇති කරන්න මේ අය හිතාගෙන ඉන්නවාද කියලා අපිට හිතෙනවා.

නමුත් අපි කිසිසේත්ම මේ පරාජිතයන්ගේ වුවමනාව ඉෂ්ට වෙන්න ඉඩ තියන්නේ නැහැ‘ යැයි ද ඔහු කීවේය.

සයිටම් හා උමා ඔය ගැටලු ද පසුගිය ආණ්ඩුව නිර්මාණය කළ අර්බුද බවත් මේ වනවිට රජය ඒවා විසඳීමට කටයුතු කරමින් පවතින් බවත් ඔහු ප්‍රකාශ කළේය.

(ලංකාදීප)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top