Jul 17, 2017

ජනපති රිය නුවර යද්දි හදිස්සියේ නවතියි !

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) මහනුවර පැවති උත්සවයකට සහභාගී වීම සඳහා ගොස් නැවත එමින් සිටියදී ඒ මහතාගේ රිය හදිස්සියේම නතරවී තිබේ.

කෙසේවුවද, මෙසේ ජනපතිවරයාගේ රිය හදිස්සියේ නතරවී ඇත්තේ ජනපතිවරයා සිය ආරක්ෂක නිලධාරීන්ට දුන් උපදෙස් අනුවය.

රිය නැවතූ ජනපතිවරයා ඉන් බැසගොස් අසල සිටි කුඩා දරුවකු හා ඔහුගේ දෙමාපියන් සමඟ කතාබස් කර ඇත.

ජනපතිවරයාගේ මේ හැසිරීමට හේතුවී ඇත්තේ එම දැරිය ජනපතිවරයා අදාළ උත්සවයට යන අවස්ථාවෙත් ඔහු එන මඟ බලා සිට ඔහු එම උත්සවය අවසන්ව යන අවස්ථාවේත් ඔහු එන මග එසේ බලා සිටීමයි.

maithreewithgirl

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top