Jul 17, 2017

අංගොඩ ලොක්කා හා ලඩියා පුෂ්පාල් බන්ධනාගාරයේ Featured

කඩුවෙල සමයං ඇතුළු හත්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අංගොඩ ලොක්කා හා ලඩියා යන දෙදෙනා ඉන්දීය අත්අඩංගුවට පත්ව පසුව පැනගොස් ඇති බවට වන වර්තා අසත්‍ය බව ආරක්ෂක අංශ කියා සිටී.

ඔවුන් ඉන්දියාවේ ලක්ෂ්මී නගර් හි පිහිටි පුෂ්පාල් විවෘත රැඳවුම් කඳවුරේ සිටින බව සතිඅන්ත පුවත්පතක් හෙළිකර තිබේ.

ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එය නිළවශයෙන් තහවුරුකරගෙන ඇති බවද එහි දැක්වේ.

එම රැඳවුම් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් තවත් සිටින බවද, ඉන්දියාවේදී අංගොඩ ලොක්කා හා ලඩියා අත්අඩංගුවට පත්ව ඇත්තේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පසුගිය මැයි 20 වැනිදා වන අතර ඔවුන්ව සති කිහිපයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර පසුව ඔවුන් දෙදෙනාට ඇප ලබාදී තිබූ බවත් පැවසේ.

ඔවුන් අදාළ රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇත්තේ ජුනි 09 වැනිදා සිට බවද වාර්තා වේ.

කෙසේවුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්දීය ආරක්ෂක අංශවෙත මොවුන් මිනිස් ඝාතන ඇතුළු දරුණු අපරාධවලට සම්බන්ධ බව නිල වශයෙන් දැනුම්දී ඇතැයි ද පැවසේ.

ලංකාවේ බන්ධනාගාරවල මෙන්ම ඉන්දීය බන්ධනාගාරවලද හොරෙන් දුරකථන ඇමතුම් ගැනීමේ අවස්ථාව ඇති බවත්, ඒ අනුව අංගොඩ ලොක්කා ලංකාවට කතාකර තමා ඇප ලබා නිදහස්ව පැන ගිය බව ඔවුන්ගේ මිත්‍රයින්ට දුරකථනය ඔස්සේ පවසා ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top